නිවසේ තිබු මුදල් හා රන් භාණ්ඩද දුරකතන දෙකක්ද කොල්ලකා පලා ගොස් තිබේ.
අක්මීමණ, ඉහළගොඩ ප‍්‍රදේශයේ නිවසකට පෙරේදා (10 දා) දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු
නිවසේ සිටි පනස් පස් හැවිරිදි ගුරුවරියක් දූෂණය කොට රන් ආභරණ සහ මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි අක්මීමණ පොලිසිය පවසයි.
නිවසේ සිටි පනස් පස් හැවිරිදි ගුරුවරියක් දූෂණය කොට රන් ආභරණ සහ මුදල් කොල්ලකා පලා ගොස් ඇතැයි අක්මීමණ පොලිසිය පවසයි.
මෙම නිවසේ කොටසක් කුලියට දෙන බව පවසා ඇය දැන්වීමක් පළ කර තිබු අතර ඒ අනුව පෙරේදා පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා නැවත එන බව පවසා පිටව ගොස් ඇත.
යළිත් පැමිණි සැකකරුවන් දෙදෙනා ගේ පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇතුල් වී ගුරුවරිය බැඳ දමා දුෂණය කර නිවසේ තිබු මුදල් හා රන් භාණ්ඩද දුරකතන දෙකක්ද කොල්ලකා පලා ගොස් තිබේ. සැකකරුවන් මාරුවෙන් මාරුවට ඇය දුෂණය කරමින් පාසලට පෙන්වන බව පවසා වීඩියෝ කර ඇති බවත් පොලිසිය පවසයි.
එම අවස්ථාවේ ඇය පමණක් නිවසේ සිට ඇති අතර පසුවපොලිසියට ලැබුන දුරකතන ඇමතුමක් අනුව පොලිසිය ගොස් කාන්තාව රෝහල් ගත කර තිබේ. කොල්ලකරුවන් කොල්ලකන ලද දේපළවල වටිනාකම මෙතෙක් ලබාදී නොමැති අතර ඇයගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නොහැකිව සිටින බවත් පොලිසිය පවසයි.
අක්මීමණ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අතුල රංජිත් මහතා ඇතුලූ නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
අහංගම සුගතපාල දීයගහගේ
under the courtesy of divaina.com news web