දිවගිය අනෙක් රෝගීන්ද යලි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට එම ස්ථානයට පැමිණ නොමැත
වෛද්‍යවරයෙකු වෙත පැමිණී තරුණ රෝගියෙකුගෙන් රෝගය පිළිබඳ විමසීමේදී මීට දින දෙක තුනකට පමණ පෙර කටාර් රාජ්‍යයේ සේවය කොට නිවාඩුවට ලංකාවට පැමිණි බව වෛද්‍යවරයාට පවසා තිබෙනවා. එම අවස්ථාවේ එම වෛද්‍යවරයාගෙන් බෙහෙත් ලබාගැනීමට එලියේ සිටි අනෙක් රොගීන්ට ද මෙය ඇසී තිබුනා. එහිදී මේ දිනවල පවතින කොරෝනා රෝගය නිසා බියවූ අනෙක් ලෙඩුන් වහාම එම ස්ථානයෙන් දිවගොස් තිබෙනවා.
එම සිද්ධිය දුටු තරුණයාද කරකියා ගත දෙයක් නොමැතිව වෛද්‍ය මධ්‍යස්ථානයෙන් එලියට පැන දිව තිබුනා. දිව ගිය තරුණයා යලි පැමිණ නැති අතර ඔහු පිළිබඳ තොරතුරක්ද කිසිවෙකුටත් ලැබී නැහැ.
ඊයේ පස්වරුවේ රෝහලේ සේවය නිමාකොට මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍ය සේවයේ යෙදෙන රජයේ වෛද්‍යවරයෙකු වෙත අධික කැස්ස හා සෙම් රෝගයට ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණයෙකුගෙන් විස්තර විමසීමේදී ඔහු කටාර් රාජ්‍යයේ සේවය කොට ලංකාවට පැමිණි බව වෛද්‍යවරයාට පැවසීමත් සමග මෙම සිද්ධිය සිදුවී ඇත.
දිවගිය අනෙක් රෝගීන්ද යලි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට එම ස්ථානයට පැමිණ නොමැති අතර මෙම සිද්ධියෙන් වෛද්‍ය මධ්‍යස්ථානය අවටද කලබලකාරි තත්ත්වයක්ද ඇතිවී ඇත.
under the courtesy of mawbima.lk news web