Tuesday, March 17, 2020

"මටයි ගයාන් අයියටයි ප්‍රශ්න ගොඩයි. මගේ නෑදෑයෝ කෝල් කරලා අහනවා හදිස්සියේ බැන්දෙ ඇයි කියලා .." - පූජානි භාග්‍යා

"අපි කියන්න නැතුව Engage වෙලා කියලා යාලුවෝ තරහා වෙලා ..."
"ගයාන් අයියට කැමති ගැහැණු ළමයිනුත්  මැසේජ් කරලා තියෙනවා .."

‘හිරුඅවුරුදු කුමරිය’ ලෙස අභිෂේක ලබමින් බොහෝ දෙනා දැන හැඳිනගත් ඇය පූජානි භාග්‍යාය. නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරන ඇය මේ වනවිට ටෙලි හා සිනමා
නිර්මාණ බොහෝමයක් සඳහා සිය දායකත්වය ලබාදී තිබේ. සමාජ සත්කාරයන් සඳහාද සිය දායකත්වය ලබාදෙන ඇය නිතරම සුරතල් සතුන් වෙනුවෙන්ද පෙනී සිටී.මේ ඇය ගැනයි

මේ දවස්වල කාර්යය බහුලද?
ලොකුම කාර්යබහුලත්වයක් නැහැ. මාර්තු මාසයේ තව ටෙලිනාට්‍යය දෙකක් පටන් ගන්න තියෙනවා. ඒකත් එක්ක ටිකක් කාර්යබහුල වෙයි. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යයක් තියෙනවා වැඩකටයුතු පටන් ගන්න.

‘හුස්මක් තරම’ කොහොමද?

ඒ නාට්‍යය දැනට ඉවර වෙලා ටික කාලයක් වෙනවා. මාව ගොඩක් දෙනෙක් අඳුන ගත්තේ අවුරුදු කුමරිය තරගය හරහා. ඊට පස්සේ ගොඩක් දෙනෙක් දැන ගත්තේ මේ ‘හුස්මක් තරම’ ටෙලි නාට්‍යය නිසයි. දැන් ඉතිං නාට්‍යය ඉවරයි. හිතේ පොඩි දුකක් තියෙනවා.

ඇයි හිතේ දුකක් තියෙන්නේ?
ඇත්තෙන්ම ඒ නාට්‍යය තුළ අපි වැඩකටයුතු කළේ පවුලක් වගේ. මං හිතන්නේ වැඩ කරපු දේවල් එක්ක බලද්දී මේ නාට්‍යය තුළදී හම්බ වුණේ පවුලක වගේ අයයි. අධ්‍යක්ෂක රවීන්ද්‍ර අයියා සහ නිෂ්පාදක තරංග අයියා ඇතුළු අපේ කණ්ඩායම සහ ප්‍රධාන චරිතයේ ඉඳන් අතිරේක චරිතය දක්වාම සියලු දෙනාම පවුලක් වගේ හිටියේ. ඒ නිසා තමයි දුකක් තියෙන්නේ.

‘හුස්මක් තරමට’ සඳහාඔබ සාධාරණයක් කළාද?
ඒ නාට්‍යයේ මම කරපු චරිතය තමයි ‘ෆියෝනා’ කියන්නේ. ගෑණු ළමයි තුන්දෙනයි ඒකේ හිටියේ. කටකාර, යාළුවන්ගේ ගැටලු විසඳපු කෙනෙක්. ඒකේ මට කැමති පිරිසක් හිටියා. හොඳ ප්‍රතිචාර ලැබුණා.

ඔබ මෙම ක්ෂේත්‍රයට ආවේ කොයි කාලේද?
මම ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 12දී. ඒ කියන්නේ 2010දී. ඒ ‘දරුවනී’ චිත්‍රපටය හරහායි. ඊට පස්සේ මම  ටෙලි නාට්‍යයක් කරා ප්‍රියන්ත සමරකෝන් මහත්මයාගේ ‘සිරිවාසල’ කියලා. ඒකේ ප්‍රධාන ළමා චරිතයක් කළා. එතකොට අවුරුදු 13යි. පාසල් යන කාලේ නිසා ඊට පස්සේ කිසිම දෙයකට සම්බන්ධ වුණේ නැහැ. මම ආයේ මිනිස්සු අඳුර ගන්න විදිහට ක්ෂේත්‍රයට එන්නේ 2018දී, ඒ හිරු අවුරුදු කුමරිය හරහායි. ඒ අතරත් මම ටෙලි නාට්‍යය 04ක් 05ක් වගේ දායක වෙලා තියෙනවා. නමුත් හරියටම ක්ෂේත්‍රය ඇතුළේ පූජනී කියලා කෙකෙත් ඉන්නවා කියලා අඳුර ගත්තේ ‘හිරු අවුරුදු කුමරිය’ හරහා.

සිනමා නිර්මාණවලට දායක වුණේ නැද්ද?
කිත්සිරි හේවාගමගේ මහත්මයාගේ ‘බැක් ටු ස්කූල්’ කියන චිත්‍රපටයේ ඉන්නවා. ඒකේ රූගත කිරීම් ඉවරයි. තව හඬකැවීම් වගේ වැඩ කටයුතු කිහිපයක් තියෙනවා. ඒවගේම සනත් අබේසේකර මහත්මයාගේ ‘ගුත්තිල’ චිත්‍රපටය සඳහා දායක වුණා. ගොඩක් වෙලාවට ඒක මේ අවුරුද්දේ තිරගත වෙයි. ඒ දෙකට තමයි දැනට සම්බන්ධ වෙලා තියෙන්නේ. මගේ ලොකු කැමැත්තක් තියෙන්නේ සිනමාවටයි. මගේ උසත් එක්ක සහ පෙනුම එක්ක ගොඩක් අය කියන්නේ මම ටෙලි නාට්‍යයවලට වඩා හරි යන්නේ චිත්‍රපටවලට කියලයි.

ඔබ ප්‍රසිද්ධ කෙනෙක් එක්ක විවාහ වුණා කියන්නේ ඇත්තද?
ගොඩක් අය කියලා තිබ්බා. මමත් දැක්කා විවාහ වෙලා නෙමෙයි විවාහ ගිවිසගෙන කියලා. ඒක ගයාන් ගුණවර්ධන අයියා එක්ක කරපු ෆොටෝ ෂූට් එකක්. සංජීවනී වික්‍රමසිංහ තමයි රූපලාවණ්‍ය ශිල්පිනිය, ‘The Vanity’තමයි ෆොටෝස් කළේ. ‘Grooms Art’සහ කණිෂ්ක සඟබෝ තමයි මගේ සහ ගයාන් අයියාගේ ඇඳුම් නිර්මාණය කළේ. ඒ ඔක්කෝම එකතුවෙලා කරපු වැඩක් තමයි මෙච්චර දුරදිග ගිහින් තියෙන්නේ. ප්‍රශ්න ගොඩයි. ගයාන් අයියටත් එහෙමයි. මගේ නෑදෑයෝ කෝල් කරලා අහනවා හදිස්සියේ බැන්දෙ ඇයි? අපිට කිව්වෙ නැත්තේ අපෙන් මොකක් හරි වැරද්දක් වුණාද? කියලා. සමහර යාළුවෝ තරහා වෙලා Engagement එක කිව්වේ නැහැ කියලා. ෆොටෝ ෂූට් එකක් කියලා කියද්දිත් සමහර අය හිතනවා අපි සද්ද නැතුව, කියන්න නැතුව Engage වෙලා කියලා. ඇත්තටම මේක එහෙම එකක් නෙමෙයි. ෆොටෝ ෂූට් එකක් විතරයි.

ඒ කියන්නේ ගොඩක් අයගේ හිත් එහෙමත් රිදිලා නේද?
සමහර වෙලාවට මට පොඩි කැමැත්තෙන් ඉන්න පිරිමි ළමයි මැසේජ් එවලා තියෙනවා ගයාන්ව උස්සනවා, ගයාන්ගේ ගෙදරට සුදුවෑන් යවනවා වගේ ඒවා. ඇයි ඔච්චර ළං වෙලා ෆොටෝස් ගහන්නේ කියලත් අහලා තියෙනවා. ගයාන් අයියටත් කැමති ගෑනු ළමයි පිරිසක් ඉන්නවානේ. ඒ අයත් මැසේජ් කරලා තියෙනවා ‘ඇයි අයියේ එහෙම කළේ’ වගේ. ලොකු ප්‍රශ්න තමයි දෙන්නටම. තව පිරිසක් ඉන්නවා දෙන්නටම කැමති. ඒ අය සුබ පැතුවා. ඒ වගේ හැම පැත්තෙන්ම විවිධ ප්‍රතිචාර.

ඔබේ ජීවිතේ තියෙන බලාපොරොත්තු මොනවාද?
පොඩ්ඩ පොඩ්ඩ සාර්ථක වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගෑනු ළමයෙක්ට එක එක කාලෙට බලාපොරොත්තු තියෙනවානේ. මේ කාලේ මේ දේ ගන්නවා. ගෙයක් හදනවා, කාර් එකක් ගන්නවා වගේ. මටත් ඒ වගේ බලාපොරොත්තු තියෙනවා. ඒ වගේම මට ලැබිලා තියෙන ටෙලි නාට්‍යය සාර්ථක කර ගන්න සහ ඒවාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න තමයි බලාපොරොත්තුව. කටකතාවක්, නරක නාමයක් හදාගන්නේ නැතුව ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

ඔබ මෙතෙක් පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. ගොඩක් අයට තියෙන්නේ වේගයෙන් යන ගමනක්. යන්නේ අතුරු පාරවල්වල. ඇතැම් අය හැදිලා තියෙන වටපිටාව බලද්දී මට සතුටුයි එහෙම නරක නාමයක් නැතුව පවුලේ සහය ඇතුව පැමිණි ගමන ගැන, ක්ෂේත්‍රය තුළ මට හොඳම යාළුවෝ කිහිප දෙනයි ඉන්නේ. ඉතිං ඒ අයගේත් සහයෝගය ඇතුව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් කෙටි මාර්ග නැතුව කෙලින් පාරේ යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ඩිලාන් ක්‍රිෂාන්ත
under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka