දුප්පත් පුද්ගලයන්ට කොරෝනා වෛරසයෙන් බේරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය තිබෙන බව මෙක්සිකෝවේ පොවෙබ්ලා ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසනවා.
'රෝගීන්ගෙන් බහුතරය ධනවත් පුද්ගලයන්. ධනවත් නම් ඔබ සිටින්නේ අනතුරකයි. අප වගේ දුප්පතුන් නම් ඔබ වෛරසයෙන් ආරක්ෂිතයි' යනුවෙන් ආණ්ඩුකරු පවසා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
වෛරසය වැළඳීමට ආර්ථික සාධක බලපාන බව කිසිඳු විද්‍යාත්මක පදනමක් රහිත ප්‍රකාශයක් බැවින් එරට සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධයෙන් මහත් කලබලයක් ඇත් වී තිබෙනවා.
මෙවැනි අවස්ථාවක රජයෙ නිළධාරියෙක් සත්‍ය මත පදනම් නොවූ වගකීම් විරහිත ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් ජනතාව මහත් කළකිරීමකට පත්ව සිටිනවා.
මෙක්සිකෝවේ මෙතෙක් තහවුරු වී ඇති ආසාදිතයන් 457න් 75% පමණ ජාත්‍යන්තර සංචාර හේතුවෙන් වෛරසයට ගොදුරු වූවන් බව එරට දත්ත වාර්තා වල දැක්වෙනවා.