Saturday, March 7, 2020

මට හඳුනාගැනීමට නොහැකිවූ මළ සිරුර අනියම් බිරිඳ හඳුනාගත්තා...- බිරිඳ කියයි; සැමියාගේ මරණය සැක යෑයි බිරිඳ කළ පැමිණිල්ලට මාස දහයකට පසු මළසිරුර ගොඩගනී....

සැමියාත් මමත් හොඳින් ඔහුගේ ඉඩමක කුඩාවට ඉටිකොළ ආවරණය කළ නිවසක ජීවත් වූවා.  
 
පසුගිය වසරේ මැයි මස භූමදානය කළ මළ සිරුරක්‌ කඩුවෙල අධිකරණ නියෝග මත පෙරේදා 04 දින පස්‌වරුවේ නවගමුව සුසාන භූමියේදී ගොඩගැනීමට සිදුවිය.

මෙලෙස මියගොස්‌ තිබුණේ හාලිඇළ ගෝඩුන්න - උණගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි නිශ්ශංක මුදියන්සේලාගේ විජයපාල නමැති 46 හැවිරිදි දෙදරු පියෙකි.
කඩුවෙල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ප්‍රසන්න අල්විස්‌ මහතා කොළඹ අධිකරණ වෛද්‍ය
රවින්ද්‍ර සමරනායක මහතා ඉදිරියේ නවගමුව පොලිසියේ ප්‍රධානත්වයෙන් මෙම සිරුර ගොඩ ගැනිණි.
 

පසුගිය වසරේ මැයි මස 09 දින කැලණි ගංගාවේ පාවෙමින් තිබූ මෙම සිරුර බෝමිරිය කැලණි ගංගා තොටුපළේදී ගොඩ ගෙන තිබිණි. එය නාඳුනන මළ සිරුරක්‌ හැටියට කොළඹ පොලිස්‌ මෘත ශරීරාගාරයට යොමුකර තිබිණි. 5/10 දින පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වා හඳුනාගැනීමට නොහැකි වූ මළ සිරුරක්‌ ලෙස භූමදානය කෙරිණි.
 
මියගිය අයගේ විවාහක බිරිඳ වන ආර්. එම්. චන්ද්‍රd කුමාරි යන අය විසින් පොලිස්‌ මූලස්‌ථානය වෙත කරන ලද පැමිණිල්ලක්‌ අනුව මෙම සිරුර ගොඩගැනිණි.
 
තම සැමියා මියගොස්‌ ඇති බව ඇයට දන්වා ඇති පොලිසිය ඇයට දන්වා ඇත්තේ මෘත ශරීරය හඳුනා ගැනීමට පැමිණෙන ලෙසයි. ඇය මෙසේ කීවාය,

 " මා කොළඹ මෘත ශරීරාගාරය වෙත ගියත් මෘත ශරීරය දැක්‌කේ නෑ. පොලිසියේ කෙනෙක්‌ පිංතූරයක්‌ පෙන්වා හඳුනාගන්න පුළුවන් ද කියා ඇසුවා. එය විකෘති වී ගිය මළ සිරුරක්‌. එනිසා මට හඳුනාගන්න නොහැකි බව කීවා. ඒ අතර මගේ සැමියාගේ අනියම් බිරිය යෑයි කියාගත් කෙනෙක්‌ මගේ සැමියාගේ සිරුර හඳුනාගෙන තිබුණා. ඒ අනුව නීත්‍යානුකූල බිරිඳ හැටියට එම සිරුර භාරගත්තා. ඔහු රැකියාව කළ ස්‌ථානයේ ප්‍රධානියාත් සමග එක්‌වී නවගමුවේදී භූමදාන කටයුතු කළා.
 
සැමියාත් මමත් හොඳින් ඔහුගේ ඉඩමක කුඩාවට ඉටිකොළ ආවරණය කළ නිවසක ජීවත් වූවා. අපිට දුවලා දෙදෙනෙක්‌ ඉන්නවා. බාලම දුව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. සැමියා අධික ලෙස මත්පැන් බොනවා. එලෙස ඇවිත් මටත් දරුවන්ටත් හිරිහැර කරනවා. බැරිම තැන පොලිසියේ පැමිණිලි කළා. කිහිප විටක්‌ පොලිසිය අවවාද කළත් සැමියා හරි මඟට ආවේ නෑ. පසුව මෙය අධිකරණය දක්‌වා ගියා. අධිකරණ නියෝගයක්‌ මත මගේ සැමියාට ගෙදරට ඒම තහනම් වුණා. ඒ නිසා ඔහු ගමෙන් ගියා.
 
ගමෙන් පිටවී කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ස්‌කැවේටර් රියෑදුරකු ලෙස රැකියාව කළා. ඔය අතුරතුර සැමියා වෙනත් කාන්තාවක්‌ සමග ජීවත් වී තිබෙනවා. එම කාන්තාව මට වරින් වර දුරකථනයෙන් කතා කළා. එලෙස කතා කර මට තර්ජනය කළා. සැමියා මියයන්න සතියකට පමණ පෙර එම කාන්තාව මා සොයා අපේ ගමට පැමිණියා. එලෙස පැමිණ මගෙන් සැමියා දික්‌කසාද කරන්න කියා තර්ජනය කළා. අපි සිටි ගෙයි ඉටි කොළ ඉරා විනාශ කළා. මේ ඉඩම එයාට ලබාදෙන්නත් කීවා. එලෙස කියා යන්න ගියා. එම සිද්ධිය වී සතියක්‌ ගියේ නෑ මගේ සැමියා මියගොස්‌ ඇති බව දැනුම් දුන්නා. මගේ සැමියාට ගඟට පනින්න කිසිම අවශ්‍යතාවක්‌ නෑ. මාත් සමග කොච්චර ආරවුල් ඇති වුණත් දිවි නසාගන්න උත්සාහ කර නෑ. එනිසා මට සැකයි. ඔය අනියම් බිරිඳ මැදිහත් වී මගේ සැමියාව මරා දාලා.
 
පොලිසියත් හරියට නීතිය ක්‍රියාත්මක කළේ නෑ. නවගමුව පොලිසියේ නිලධාරීන් මට එහි ස්‌ථානාධිපතිතුමා මුණගැසීමත් අවහිර කළා. මීට අමතරව මා පොලිසියේදී දැඩි ලෙස අගතියට පත්වූවා යෑයි ඇය පැවසුවාය.
 
මෙම සිරුර නැවත ගොඩ ගැනීමේදී නවගමුව සුසාන භූමියේ මිනී වළවල් දෙකක්‌ හෑරීමට සිදුවිය. අවසානයේ අනියම් බිරිඳ යෑයි කියාගත් කාන්තාව පෙන්වා සිටි ස්‌ථානයේ අදාළ දේහය භූමදානය කර තිබිණි.
 
නීති විරෝධී මත්පැන් ළඟ තබාගෙන සිටි කාන්තාවක්‌ බිබිල පොලිසියේ විශේෂ වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන පසුගියදා බිබිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
 
කසිප්පු මිලිලීටර් 18,750 ක්‌ ළඟ තබාගෙන සිටි අරාඩුමැඩිල්ලේ පදිංචි ඉනෝකා දමයන්ති නමැති කාන්තාවට බිබිල මහෙස්‌ත්‍රාත් බුවනක රාජකරුණා මහතා රුපියල් 25,000 ක දඩ මුදලක්‌ ගෙවීමට නියෝග කරන ලදී.
 
බිබිල ස.පො. අධිකාරි ගාල්ලගේ මහතාගේ උපදෙස්‌ මත පො.සැ. විඡේසිංහ (54060), පො. සැ. කරුණාසේන (41919), පො.සැ. ජගත් (38010), පො.සැ. පියතිලක (36101), පො.සැ. විඡේසේකර (44773), පො.කො. සමන් (194785), පො.කො. යුෂුµa (44659), කා.පො.කො. කුමාරි (7805), පො.කො. පෙරේරා (78738) යන නිලධාරීන් වැටලීම සිදුකරන ලදි.
 
under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka