Sunday, March 8, 2020

අපි රූම් එකකට යමු බබා. මම ආසයි ඔයා ළඟට වෙලා දවසම ඉන්න - පාසල් පෙම්වතිය යහලූවන් සමග හවුලේ බෙදාගත් පෙම්වතෙක්

‘‘අනේ රත්තරන් තේරුම් ගන්න. තවම මම පොඩි කෙල්ලෙක්’’

‘‘ මට ඔයත් එක්ක නිදහසේ ඉන්න ඕනා බබා.’’

නෙත්මි කොළඹ ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. වයස අවුරුදු දහතුනකි. ඇය පාසල් ගියේ එම ප‍්‍රදේශයේම ප‍්‍රසිද්ධ බාලිකා විදුහලකටයි. නෙත්මිගේ හොඳම යාළුවා වූයේ දිලිනිය. දිලිනිද එම පාසලේම ශිෂ්‍යාවක් වූවාය.

නෙත්මි - දිලිනි අඔ යහළුවෝ බව එම පාසලේ බොහෝ දෙනෙක් දැන සිටියහ. ඔවුහු ගමනක් බිමනක් ගියේ, ඇඳුමක් පැළඳුමක් ගත්තේ, උපකාරක පන්ති ගියේ එකටයි. නෙත්මිගේ පෞද්ගලික

ජීවිතය ගැන දිලිනිද, දිලිනිගේ පෞද්ගලික ජීවිතය ගැන නෙත්මිද ඕනාවටත් වඩා තොරතුරු දැන සිටියහ. ඒ තරමටම දෙදෙනා ළඟින් ඇසුරු කළහ.
ඉගෙනීමට විශාල උනන්දුවක් නොදැක්වුවත් එදිනෙදා පාසල් වැඩ කටයුතු කිරීමට ඔවුන් අමතක නොකළාය. විෂය භාහිර කටයුතු වලදී නම් ඔවුන් දෙදෙනා පෙරමුණ ගෙන කි‍්‍රයා කළේය.

දිනක් නෙත්මි දිලිනිට මෙලෙස පැවසුවාය.

‘‘ ඒයි දිලි මට උඹට දෙයක් කියන්න අමතක වුණානේ.’’

‘‘ මොකක්ද බන් ඒ ’’

‘‘ ළඟකදි ඉඳන් කොල්ලෙක් මගේ පස්සෙන් එනවා.’’

‘‘ ඉතින් ඉතින් කියපන් විස්තර.’’


‘‘ වැඩි විස්තරයක් දන්නේ නැහැ. මම හිතන්නේ ඒලෙවල්. කරන්නේ. යන්නේ......(කොළඹ ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පිරිමි විදුහලක නමක් ඇය පැවසුවාය)’’

‘‘ එහෙමද කොල්ලා ලස්සනද.’’

‘‘ කොල්ලනම් හැන්ඩියා’’

‘‘ එහෙනම් උඹ කැමතියි වගේ.’’

‘‘කැමැත්තකුත් නැහැ අකැමැත්තකුත් නැහැ.’’

‘‘ අනේ පලයන් යන්න. උඹගේ මූණෙන්ම පේනවා. උඹ කැමැත්ත දීලා කියලා ඒකට.’’

‘‘අනේ තවම නැහැ. උඹට මම හංගන දෙයක් තියෙනවද. හැබැයි හිතේ ඌ ගැන පොඩි හැඟීමක් තියෙනවා.’’

‘‘ ඒකනේ මම කියන්නේ තව බලන් ඉන්න ඒපා කැමැත්ත දියන්.’’

‘‘අනේ මන්දා මට බයත් වාගේ.’’

‘‘මොකට බය වෙන්නද. ඌ උඹව මරන් කන්නේ නැහැනේ. හරියන්නේ නැත්නම් ටික කාලයක් ආශ‍්‍රය කරලා අතහැර දාපන්’’

කතාව එතැනින් අවසන් විය. එලෙස නෙත්මි පසුපස පැමිණියේ අශාන්ය. ඔහු කොළඹ ප‍්‍රසිද්ධ පිරිමි විදුහලක උසස් පෙළ හදාරන සිසුවෙකි. කොටින්ම කියතහොත් ඉගෙනීමට කැමැත්තක් නොදැක්වූ ඔහු රස්තියාදුකාරයෙකි. එයට අමතරව පාසල් සිසුවියන් කිහිපදෙනෙක් සමගම සම්බන්ධතා පැවැත්වූ අයෙකි. එම නිසා පාසල තුළද ඔහුට හොඳ ප‍්‍රතිරූපයක් නොතිබුණි. නෙත්මි පසුපස පැමිණියේ එවැනි පාසල් සිසුවෙකි.

අශාන් ලද සෑම මොහොතකම නෙත්මි මුණගැසී තම සිතේ තිබෙන ආදරය ඇයට ප‍්‍රකාශ කළේය. සති කිහිපයක් එලෙස ගතවිය. ඇයගේ සිතේද ඔහුට අකැමැත්තක් නොතිබුණි. අවසානයේ නෙත්මි තම කැමැත්ත අශාන්ට ලබා දුන්නාය. එතැන් පටන් නෙත්මි අශාන් ගැන කල්පනා කළාය. සසර පුරාවට තමා පසු පස පැමිණි සහකරු ඔහු වෙන්නැති යැයි ඇය සිතුවාය. එතැන් සිට නෙත්මිගේ එකම ලෝකය වූයේ අශාන්ය. මාස කිහිපයක් එලෙස ගතවිය.

දිනක් දෙදෙනා හමුවූ මෙහොතක අශාන් මෙලෙස පැවසුවේය.

‘‘ බබා ඔයා මට ආදරෙයිද?’’

‘‘ඇයි ඔයා එහෙම අහන්නේ. ඔයාට එක දැනෙන්නේ නැද්ද? මගේ ජීවිතේටත් වඩා මම ඔයාට ආදරෙයි.’’

‘‘ නැහැ නැහැ ඒක මම දන්නවා. මමත් ඒ වගේම ඔයාට ආදරෙයි. ඔයාට මාව විශ්වාසයි නේද’’

‘‘ඔව් රත්තරන් මටත් වඩා ඔයාව විශ්වාසයි.’’

‘‘එහෙනම් මම ඔයාගෙන් දෙයක් අහන්නද?’’

‘‘ අහන්න ඕන දෙයක්’’

‘‘ මට ඔයත් එක්ක නිදහසේ ඉන්න ඕනා බබා.’’

‘‘ ඉතින් ඉන්න. දැනුත් අපි නිදහසේනේ ඉන්නේ’’

‘‘ ඔයාට තේරෙන්නේ නැහැ බබා. මම කීවේ අපි කොහෙ හරි යමු කියලා.’’

‘‘ ඉතින් අපි ෆිල්ම් එකක් බලන්න යමු.’’

‘‘ අනේ ෆිල්ම් බැලූවට නිදහසේ ඉන්න බැහැ බබා.’’‘‘ එහෙනම් මොකක්ද ඔයා කියන්නේ’’

‘‘ අපි රූම් එකකට යමු බබා. මම ආසයි ඔයා ළඟට වෙලා දවසම ඉන්න’’

‘‘ අනේ පිස්සුද රත්තරන්. මම ඕනම දෙයක් කරන්නම් ඔයා වෙනුවෙන් . රූම් වලටනම් යන්න බැහැ. මට බයයි. ’’

‘‘අනේ බබා මගේ යාළුවොත් යනවා ඒ ගොල්ලන්ගේ ගර්ල් ලත් එක්ක. කිසි අවුලක් නැහැනේ. මටත් ආසයි බබා ඔයා ළඟට වෙලා ඉන්න.’’

‘‘අනේ රත්තරන් තේරුම් ගන්න. තවම මම පොඩි කෙල්ලෙක්’’

‘‘ බය වෙන්න එපා බබා. මම ඒ පොඩි කෙල්ලව විනාශ කරන්නේ නැහැ.’’

‘‘ඒක මම දන්නවා ඒත් මට බයයි රත්තරන් ඒ වගේ තැන්වලට යන්න.’’

‘‘බය වෙන්න වෙපා. මම ඉන්නවනේ’’




අවසන් මොහොතේ අශාන්ගේ බලවත් පෙරැත්තය මත නෙත්මි ඔහු සමග නවාතැන් පළකට යෑමට කැමැති විය. ඒ අනුව යොදා ගත් දිනයක ඔවුහු නවාතැන් පළකට ගියහ. පැය ගණනක් ඔවුහු නිදහසේ එහි කාලය ගත කළහ. එදින අශාන් තම ආදරය වෙනදටත් වඩා ඇයට පෙන්නුවේය.

එදින නෙත්මි නවාතැන්පළින් පිටව ගියේ අශාන් ගැන තවත් විශ්වාසය වැඩිකර ගනිමින්ය. ඉන් පසු දෙදෙනා ලද සැම මොහොතකම නවාතැන්පළ වෙත ගියහ. එහි ප‍්‍රතිඵලය වූයේ නෙත්මි අඩු වයසින්ම ගැහැණියක වීමයි. ඒ අතර අශාන් නෙත්මිගේ නිරුවත් පිංතූර රැසක්ද රැගෙන තිබුණි.

දිනක් අශාන් තම පංතියේම යහළුවන් පිරිසක් සමග මෙලෙස කතා බස් කළහ.

‘‘ අශාන් දැන් ඔයාගේ කෑල්ල අපිට සෙට් කරන්න බැරිද?’’

‘‘ඇයි බැරි තව පොඩි කාලයක් හිටපන්. ඒක නොවෙයි බලපන් මම ඊයේ ගත්තා ඒකිගේ තවත් ෆොටෝ ටිකක්. බලපන් පරණ ඒවා වගේද කියලා ’’

එලෙස කියූ අශාන් තම ජංගම දුරකථනයේ තිබූ නෙත්මිගේ නිරුවත් පිංතූර කිහිපයක් තම යහළුවන්ට පෙන්නුවේය. ඒවා බැලූ එක් අයෙක් මෙලෙස පැවසුවේය.

‘‘ පට්ට ලස්සනයිනේ’’

‘‘ඒක තමයි මම කියන්නේ. මේ අශාන් මස් කටු කන එකෙක් නො වෙයිනේ.’’

‘‘ඒක නොවෙයි අපිටත් සෙට් කරලා දියන් ප්ලීස් උඹ ඉල්ලන දෙයක් දෙන්නම්. නැත්නම් උඹ වෙන එකක් සෙට් කර ගනින්.’’

‘‘අනේ මන්දා උඹලාට දීලත් බැහැ නොදීත් බැහැ. හැබැයි මම කියන විදිහට වැඬේ කරපන් හැමෝම එක පාර කන්න යන්න එපා.’’

‘‘ හරි හරි අපි උඹ කියන විදිහට කරන්නම්.’’

‘‘ මුලින්ම මම මේ පිංතුර ටික උඹලට දෙන්නම්. ඊට පස්සේ ඒවා පෙන්නලා ඒකිව බය කර ගනින්. එච්චරයි. පස්සේ උඹලට ඕන දෙය කරගනින්.’’

අශාන් යහළුවන්ට එලෙස පවසා නෙත්මිගේ නිරුවත් පිංතූර සහ දුරකථන අංකයද ලබා දුන්නේය. එලෙස ලබාදී ගතවූයේ දින දෙකකි. නෙත්මිගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණි. ඒ මෙලෙසින්ය.

‘‘ හෙලෝ, මේ නෙත්මි නේද?’’

‘‘ඔව් කතා කරනවා. කවුද ඔය’’

‘‘කවුද කියලා පස්සේ කියන්නම්. ඊට ඉස්සෙල්ලා ඔයත් එක්ක මට කතා කරන්න ඕනා වැදගත් දෙයක්.’’

‘‘ අඳුරන්නැති අය එක්ක මොන කතාද. මම ෆෝන් එක තියනවා.’’

‘‘දැන් අඳුරන්නේ නැහැ තමයි. ඒත් ඉදිරියෙදි අඳුර ගන්න වෙයි.’’ ඒක නිසා ෆෝන් එක තියන්න එපා.’’

‘‘තමුසේ විකාර දොඩවන්නේ නැතිව කියනවා මොකක්ද කියන්න තියෙන්නේ කියලා .’’

‘‘අන්න එහෙම එන්න නංගි. මම කෙළින්ම කියන්නම්. ඔයාගේ නිරුවත් පිංතූර වගයක් මගේ ළඟ තියෙනවා.’’

‘‘බොරු කියන් නැතිව ඉන්නවා. මගේ නිරුවත් පිංතූර කොහෙන්ද තමුසේ ළඟ. මාව බය කරන්න හදනවද බොරුවට’’

‘‘මම බොරු නොවෙයි කියන්නේ. ඔයාගේ යටි බඬේ දකුණු පැත්තට වෙන්න උපන් ලපයක් තියෙනවා නේද?’’ එතැනින් නොනැවතුණ ඔහු තවත් විස්තර රැසක් ඇයට කීවේය. එය ඇසූ ඇයගේ මුළු ශරීරයම දහදියෙන් පෙඟී ගියාය. කරන්නේ කුමක්ද කියා සිතා ගැනීමට නොහැකි වූවාය.

මඳ වෙලාවක් ගත වූ පසු ඇය අශේන්ට දුරකථන ඇමතුමක් ලබා ගෙන සිදුවූ සියල්ල පැවසුවාය. එහෙත් ඔහු ඒ කරුණ එතරම් තැකීමක් නොකළේය. තමා වංචාකාරයකුට හසුවී ඇති බව ඇයට දැණුනේ ඉන් පසුවයි. දැන් කරන්නේ කුමක්දැයි ඇයට සිතා ගැනීමට නොහැකි වූවාය. තම හොඳම යෙහෙළිය වන දිලිනිටද මෙය පැවසිය නොහැකිය. එම නිසා තනිවම ඇය එම වේදනාව විඳගත්තාය.

ඒ අතර අශේන්ගේ යාළුවෝ විටින් විට දුරකථන ඇමතුම් ලබාදී තමන් සමග නවාතැන්පළකට යෑමට නොපැමිණියොත් නිරුවත් පිංතූර අන්තර්ජාලයට දමන බව පවසා ඇයව බිය ගැන්වූහ. අවසානයේ අකැමැත්තෙන් හෝ ඇයට ඔවුන් සමග යහන්ගත වීමට සිදුවිය. මාස හතක පමණ කාලයක් අශේන්ගේ යහළුවෝ සිව් දෙනෙක් වරින් වර ඇයව ලිංගික හිංසනයට ලක් කළහ.

දිනක් නෙත්මිගේ මව ඇයගේ ජංගම දුරකථනය පරීක්ෂා කළාය. එහිදී ඇයට නෙත්මිගේ නිරුවත් ඡායාරූප සහ අසභ්‍ය වීඩියෝ පට කිහිපයක් දැක ගැනීමට හැකි වූවාය. ඉන් පසු ඇය නෙත්මිගෙන් ඒ පිළිබඳව විමසුවේය. ඇයට බොරු පැවසීමට නොහැකි වූවාය.

කලක් සිට තමාට සිදුවූ දෙය ගැන අකුරක් නෑර ඇය මවට පැවසුවාය. දැන් සියල්ල සිදුවී හමාරයි. කරන්න තියෙන්නේ නීතියේ පිහිට පැතීම පමණි. එම නිසා ඇය මේ සිද්ධිය පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් දැමුවාය. ඒ අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු අදාළ සැකකාර සිසුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

මෙවැනි තිරිසනුන් සමාජයේ තවත් සිටින්නට පු`ථවන. එම නිසා ඔබගේ දරුවා ගැන වෙනදාටත් වඩා සැලකිලිමත් වන්න.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka