Saturday, March 28, 2020

ළමා නිවාසවල දරුවන්ට ආධාර කිරීමේදී සැලකිලිමත් වන්න

ළමා නිවාසවල මේ වන විට 11,500කට ආසන්න ළමයින් සංඛ්‍යාවක් නිවාස 400ක පමණ නේවාසිකව සිටින අතර එක් ළමා නිවාසයක අවම වශයෙන් ළමයින් 20 සිට 100ක් දක්වා සිටින ළමා නිවාස ඇත. බාහිර
පුද්ගලයන් මෙම ළමා නිවාසවලට ආධාර කිරීමට ප්‍රවේශවීම තුළින් ළමයින් දැඩි අවදානම් සහගත තත්ත්වයකට පත්වීමට ඉඩ ඇත. ඇතැම් ළමා නිවාසවල ළමයින් විශාල ප්‍රමාණයක් ඒකරාශී වී සිටින බැවින් එම තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ළමයින්ට අවශ්‍ය ආහාර පාන හා වෙනත් ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

ආහාර පාන ආදිය ලබාදීමේදී ළමයින් අතට ඍජුව ලබාදීමෙන් හා ළමයින්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙන්ම ඡායාරූප ගැනීමෙන් වැළකීම, ආධාර දෙනු ලබන ළමා නිවාස අයත් වන පළාතේ, පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් දැනුවත් කොට ළමා නිවාසවලට ආධාර ලබාදීමට කටයුතු කිරීම. පළාත් කොමසාරිස්වරුන්ගේ උපදෙස් මත අදාළ භාණ්ඩ ළමා නිවාසවල කාර්ය මණ්ඩලය වෙත ලබාදීමට ක්‍රියා කිරීම.

පළාත් කෙමසාරිස්වරුන්ගේ නම් සහ දුරකථන අංක පහත දැක්වේ.

බස්නාහිර පළාත - තමරිකා මිය  - 0714404107

මධ්‍යම පළාත - චිත්තිකා මිය - 0718000660

දකුණු පළාත - මහේෂ් මයා - 0714912800

උෟව - ප්‍රියබදිනි මිය - 0718179063

සබරගමුව - සුසිලා මිය - 0718738962

වයඹ - ප්‍රේමසිරි මයා - 0714560326

උතුරු මැද - රාජපක්ෂ මහතා - 0714410389

උතුරු පළාත - ගුරුපරන් මහතා - 0778612229

නැඟෙනහිර පළාත - රෂ්වනී මිය - 0779285825


under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka