Friday, March 13, 2020

උසස් යැයි කියන අය පැයට දෙකට ඇය ළග දනින් වැටෙන හැටි දැක සලිත වුනි මා හදවත

ඇයි ඔයා ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැත්තේ...
ඔයා කොහොමද සර්විස් එක කරන්නේ...

සදාචාරේ බල්ලට ගියත් රට දියුණු වෙනවා නම් එච්චරයි. හරිද ඒ කියපු දේ. වැරැදියි නේද. ඒ වුණාට මේ රට දියුණු කරන්න හිතන කෙනෙක්ට මේ ස්පා කතන්දර ඇතුළෙත් ගැහෙන නාඩියක් තියෙනවා. ඒ
තමයි මෙච්චර ස්පා කඩවල වැඩ කරන අයට නිසි ප්‍රමිතියක්, ඇගයීමක්, වටිනාකමක්, රැකියාවේ තෘප්තියක් ලැබෙන විධියට නීති රීති හදලා ඒවායින් ගාණක් උපයන්න ක්‍රමයක් හොයන එක. අද මුළු ලෝකෙම ආයුර්වේද වෙදකම්වල මහිමය ගැන කතා කරනවා. මුළු ලෝකේම සංචාරක ව්‍යාපාරවල මූලික අඩිතාලම දාන්නේ එන සංචාරකයාගේ මන‍ෙදාළ සපුරලා ඔහුගේ පසුම්බිය සතේට හූරන ක්‍රමය අල්ල ගන්න එකයි. ඒක දේශීයද විදේශීයද කියලා නෑ. හැමෝම එහෙමයි. ලොකු හෝටල්වල වගේම පොඩි නවාතැන්වලත් අද ස්පා එකක් තියෙනවා...


ඒවායේ එක එක වයසේ ගැටිස්සියෝ, පොලොස්සියෝ, යුවතියෝ වැඩ කරනවා. ඒ වගේම සමහර ඒවායේ පුරුෂයනුත්, තව ඒවායේ නපුංසකයොත් මේ වෘත්තියේ නියැළෙනවා. වයසක්්, ආගමක්, ජාතියක් බලන්නේ නැතිව වෙන කෙනෙක් වෙනුවෙන් තම අතැඟිලි සිරුර පුරා රිද්මයකට දුවවන්න මේ අය සමත්. අන්තිමට සියල්ල ටිෂූ පේපර් එකක තැවරිලා. ඩස්බින් එකකට වැටුණාම පියවි ලොවට එන මේ මහඟු වෘත්තියේ නව හැඩයක් අද අපි සත්‍යග්‍රහණයෙන් දැනගනිමු. මේ කතාව කියන නෝනා ඔබ මඟතොටදී දැක්කත් ඔබ නම් විශ්වාස කරන එකක් නෑ, ඇය කරන්නේ එහෙම රැකියාවක් කියලා. මොකද ඒ තරම් හැඩ, ඒ තරම් පෝසත්, ඒ තරම් කාරුණික ඇය දෙවඟනක් වගේ නිසා කොහොම ඇය ගැන එහෙම හිතන්නද. ඒත් ඇත්ත ලෝකේ ඊට හාත්පසින්ම වෙනස්. ඒ වෙනස් විකෘතියයි අපි ඇත්ත කියලා දකින්නේ. ඇත්තම ඇත්ත කොයිවගේද කියලා ඇගෙන්ම අහමු...

කොහොමද ඔයාගේ තොරතුරු...

හොඳින් ඉන්නවා...

කොහෙද ගම් පළාත...

මං ඇඹ්ලිපිටියේ...

නම මොකක්ද...

ගීතිකා සපුමලී ගුරුගේ...

බොරු නේද ඔය කියන්නේ...

ඇය පුදුම වෙලා මං දිහා බැලුවා. ඇය දන්නවා ඇය කියන්නේ ඇත්ත නොවන වග මං දන්න බව. ඒ වුණාට ඇයව තරහා ගස්සාගෙන පොඩි ඇත්තක්වත් දැන ගන්න බෑනේ. ඉතින් මං ඇයට කතාව කියාගෙන යන්න ඉඩ දුන්නා...

කැමැති විධියට හිතා ගන්න. බොරු නම් බොරු. ඇත්ත නම් ඇත්ත. කොහොමත් එකයි. මොනවද දැනගන්න තියෙන්නේ...

මේ රස්සාවේ තොරතුරු...

මං මසාජ් කරන ගෑනියෙක්...

එහෙම නෙවෙයි. තරහා ගන්න එපා. මට දැනගන්න ඕනේ ඒ විස්තර කොහොමද කියලා...

මේ මහත්තයා, මට මහත්තයා එක්ක මේ ගැන කතා කරන්න කිව්වේ ඩොක්ටර්. (ආයුර්වේද වෛද්‍යවරයෙක්ගේ නමක්) එතුමා කිව්වේ ඔය පොඩි මොනවා හරි දෙයක් කියන්න කියලා. මහත්තයාගෙන් මල වදේ කිව්වා තොරතුරු අහලා...

අයියෝ එහෙම කිව්වද ඩොක්ටර්...

තව ඒවත් කිව්වා. දැන් ඒවා වැඩක් නෑ. මහත්තයා මං ඉස්සරම මසාජ්වල වැඩ කළා. පොඩි පොඩි තැන්වල. ඊට පස්සේ මටම හිතුණා මේ ව්‍යාපාරේ මම කරන්න. මට කස්ටමර්ස්ලා සීයක් විතර ඉන්නවා. හරියට කිව්වොත් පන්සීයක් විතර. එයින් සීයක් විතර තමයි හරි අය. අනිත් අය අපතයෝ. මගෙන් මසාජ් එකකුත් අරගෙන, මගෙම පර්ස් එකට විදින ජාතියේ සත්තු උන්. ඒ අයව මං අතේ දුරින් තියා ගන්නේ...

කොහොමද එහෙම කරන්නේ...

මගේ ළඟ නම්බර් සේව් කරලා තියෙන්නේ. ඒ අය ඇර වෙන අයට මං සර්විස් එක දෙන්නේ නෑ...

එහෙම නොයා ඉන්න පුළුවන්ද...

නොයා ඉන්නවා නෙවෙයි. ෆෝන් කෝල්ස්වලට ආන්සර් කරන්නේ නෑ...

ඔයා කොහොමද සර්විස් එක කරන්නේ...

මගේ වාහනේ මං ඒ අය කියන තැනට යනවා. ගිහින් අවශ්‍ය මසාජ් එක කරලා ගාණ අරගෙන එනවා...

හරියටම ඒ අය සල්ලි දෙනවද...

ඔව්. මගේ කස්ටමර්ස්ලා පින් පඩි කාරයෝ නෙවෙයි. බැංකු මැනේජර්ස්ලා, ලෝයර්ස්ලා, බිස්නස් කරන අය, ටියුෂන් ගුරුවරු, විධායක නිලධාරීන් ඒ විතරක් නෙවෙයි හාමුදුරුවරුත් ඉන්නවා...

පිස්සු හැදෙනවනේ...

ඇයි ඒ. මහත්තයා මොනවද දන්නේ. මං බම්බලපිටියේ තැනක වැඩ කළා. කාලයකට ඉස්සර. එතනට එනවා ඔය වගේ අය කිහිප දෙනෙක්ම. ඒ අයගේ හැටි දැනගත්තම කියන්න පුළුවන් ඒ අය දෙව්දත් තෙරුන්ගේ කට්ටිය කියලා...

බුදු දහම ගැන දන්නවද...

මං දහම්පාසල් ධර්මාචාර්ය ලියපු කෙනෙක්...

ඉතින් ඇයි මේ වගේ රස්සාවක් තෝර ගත්තේ...

රස්සාවේ වරදක් නෑ. පිටස්තරව බලන කෙනයි ඒක තීරණය කරන්නේ. මං ඇඟ විකුණලා, සල්ලි හොයන්නේ නෑ. තාලයකට, කලාවකට, රිද්මෙකට, කෙනෙක්ගේ ඇඟ සම්බාහනය කරලා ඒ ඇඟ නිවලා ගන්න මුදලින් තමයි මං ජීවත් වෙන්නේ...

ඔහොම දවසකට කීයක් විතර හොයනවද...

දවසකට අඩුම දහ දාහක් හොයනවා. මං පැය දෙකේ වැඩකට රුපියල් හයදාහක් ගන්නවා. මගේ වාහනේ ඩ්‍රැයිවර් අන්කල්ට දෙදාහක් දෙනවා. කස්ටමර්ස්ලා තුන් දෙනෙක් දවසට කතා කළොත් රුපියල් දහඅටදාහක් හොයනවා. කොහොමත් මගෙන් අහලා දින දා ගන්න අය තමයි ඉන්නේ...

කොහොමද ඔහොම මසාජ් කරන්නේ...

(කොළඹ ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නම්) ඒ ඇරෙන්න තව අයගේ ගෙවල්වලට යනවා. කොහේ ගියත් මං යන්නේ ඩ්‍රැයිවර් අන්කල් එක්ක. ඒ නිසා ආරක්ෂාව හොඳයි...

මොන ආරක්ෂාවද...

හැදිච්චකම රැකගන්න එක... (ඇය හයියෙන් හිනා වුණා)

මොනවද ඔය හම්බු කරන සල්ලිවලින් කරන්නේ...

රෙන්ට් එකට ඉන්න ගෙදරට තිස්පන්දාහක් දෙනවා. වාහනේ ෆිනෑන්ස් එකට. කෑම, බීම, ඇඳුම් පැලඳුම්, සැලුන් ඒ ඇරෙන්න අම්මලාට මාසෙකට සැරයක් ගාණක් යවනවා. පුතාට සල්ලි යවනවා. එයා (නුවර විද්‍යාලයක නමක්) හොස්ටල් ඉන්නේ...

එතකොට ඔය මසාජ්වලට ගන්න ක්‍රීම්, ඔයිල් එහෙම කොහොමද...

ඒවා මගේ ළඟ තියෙනවා. මං ගෙනියන ඒවා ගන්න අයත් ඉන්නවා. ඒ අයගේ ක්‍රීම්, ඔයිල් පාවිච්චි කරන අයත් ඉන්නවා...

කෙහෙන්ද ඔය කියන ක්‍රීම්, ඔයිල් එහෙම ගන්නේ...

පිටකොටුවේ රතු පල්ලිය ළඟ අන්ඩර් ග්‍රවුන්ඩ් කියලා කඩ වගයක් තියෙනවා. ඒවායින් ගන්නේ...

ඔයාට වෙන යෝජනා එන්නේ නැතිද...

මං කියන්නම් ඇත්තම. ඉස්සරම මාත් මසාජ් කඩේක වැඩකරන ප්‍රොස් කෙනෙක් විතරයි. එන අය අපි මසාජ් කරද්දි එහෙන් මෙහෙන් අපිව අතගාලා ෆෝම් කරලා ඒ ගොල්ලෝ කරගන්නෙ එයාලගේ වැඩේ. ඊට පස්සේ කීයක් හරි අපේ අතේ මිට මොළවලා අහන්නේ ෆෝන් නම්බර් එක. අපිට තහනම් ෆෝන් නම්බර් දෙන්න. මසාජ් එක කරන අය අපිව චෙක් කරන්නත් එහෙම අයව එවනවා. කොහොම හරි එහෙම ෆෝන් නම්බර් දුන්ණොත් ඒවාට කතා කරලා එළියේ ගේම් ගැහුවොත් ඇසිඩ් පාරක් හරි, පිහි පාරක් හරි කන්න වෙනවා. මං එහෙම ළමයි දැකලා තියෙනවා. පස්සේ පස්සේ තමයි මං ඒවාට හුරුවෙලා මෙහෙම වෙනම තනියම වැඩේ  පටන් ගත්තේ. දැන් මං නිදහස්...

ඔයාට හැඟීම් දැනීම් එන්නේ නැතිද දැන්...

මොකද නැත්තේ. එහෙම වුණාම එක්කො වැටෙන්න බොනවා. එහෙම නැත්නම් කාව හරි දන්න කෙනෙක් එක්ක යහන්ගත වෙනවා. බලපෑම් නෑනේ. මට කැමැති වුණාට වැඩක් නෑ. මං කැමැති වෙන්න එපායැ...

මේ ෆීල්ඩ් එකේ කොච්චර කල්ද...

අවුරුදු දහ අටේදී මං කොළඹ ආවේ. දැන් තිස් දෙකයි වයස මට...

බොරු නේද කියන්නේ...

ඇය රවලා බැලුවා මං දිහා. තව කොච්චර දේවල් දැනගන්න දේවල් තිබ්බත් ඇය මට දුන්නු කාලය අවසන්. ඒ වගේම ඇගේ කාලයට මං ගෙවන්නත් ඕනේ. ඒ අතරේ ඇගේ ෆෝන් එකට කෝල් දෙක තුනක් ආවා. ඒත් ඇය ආන්ස්වර් කළේ නෑ. කස්ටමස්ලා ඇයව හොයනවා. අද නිවාඩු දවසක් හින්දා හුඟක් අය ඇත්තේ පීඩනයෙන්...

ඇයි ඔයා ෆෝන් එකට ආන්ස්වර් කරන්නේ නැත්තේ...

කස්ටමර් කෙනෙක් එක්ක ඉන්නකොට මං කාටවත්ම කතා කරන්නේ නෑ. මොකද මාව ගෙවලා කෙනෙක් ගන්නේ එයාගෙ වැඩේට. ඉතින් මං ඒ මාව ගන්න කෙනාගේ වෙලාව මගේ දේවල්වලට යොදා ගන්නේ නෑ...

පැයක් මා එක්ක තනි වූ ඇයට මං දුන්නු රුපියල් තුන්දාහ බෑග් එකට දාගන්න ගමන් මගේ ප්‍රශ්නෙට ඔළුව කොරවෙලා යන දාර්ශනික උත්තරයක් ඇය දුන්නා... 
  
under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka