ජාතික ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් යුද හමුදාව මෙම කි‍්‍රයාමාර්ගය ගෙන ඇත
කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදීත් ඇත්ත තත්ත්වය සඟවාගෙන සිටින පුද්ගලයන් සහ විදේශයන්හි සිට මෙරටට පැමිණි නිරෝධායන කි‍්‍රයාවලිය මගහැර සිටින පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා යුද හමුදා බුද්ධි අංශ විසින් පුළුල් මෙහෙයුමක් අරඹා තිබේ.
දැනට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් රෝගය හඳුනා ගැනීමට පෙර ඇසුරු කළ පුද්ගලයන් සහ ගමන් කළ ප‍්‍රදේශ හඳුනාගෙන අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමටද යුද හමුදාව මෙහිදී සැලසුම් කර ඇත.
මෙහිදී නිරෝධායන කි‍්‍රයාවලිය මගහැර සැඟව සිටින පුද්ගලයන් හඳුනා ගැනීමෙන් පසු පොලිසියට තොරතුරු ලබා දී ඔවුන් අත්අඩංගුවට ගෙන මුලින් නිරෝධායන කි‍්‍රයාවලියට යොදවා අනතුරුව නෛතික කි‍්‍රයාමාර්ග ගැනීමටද නියමිතව ඇත.
එසේම මෙම මෙහෙයුමේදී කොරෝනා වෛරසය ආසාදනය වී සැඟව සිටින පුද්ගලයකු හඳුනාගත හොත් ඔවුන් ප‍්‍රතිකාර සඳහා යොමු කර පසුව පොලිසිය භාරයට පත්කර දැඩිලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කර තිබෙන බවද උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.
කොරෝනා පැතිරීම ජාතික ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් යුද හමුදාව මෙම කි‍්‍රයාමාර්ගය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
සමන් ගමගේ
under the courtesy of divaina.com news web