Friday, March 6, 2020

තනි අලියා මෙල්ල කිරීමට යැමේදී නිර්වින්දනය කළ අලියාගේ ක්‌ෂණික පා පහරින් නිලධාරියා මරුට

හොඳයි අත්තෙ අපි බලන්නම්කො. මේ අලිවටය ගමේ අහළ පහළ අයට කරදරයිනෙ.
 
තෙල්හිරියාව කුඩාගල් විහාරය පිහිටි කැලෑබද ප්‍රදේශයේ රාත්‍රී කාලයේ ගැවසෙන තනි අලියා මෙල්ල කිරීමට තලාව වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි සහකාර පී. එච්. ඒ. ඩී. වෙන්දකඩුව (58) ඇතුළු නිලධාරි පිරිස යද්දී ඒ බව දුටු වියපත් කිරි මුදියන්සේ ගොවිරාළ මේ අයට උපදෙස්‌ දුන්නේය.

හොඳයි අත්තෙ අපි බලන්නම්කො. මේ අලිවටය ගමේ අහළ පහළ අයට කරදරයිනෙ. කියාගෙන නිලධාරි පිරිස කැළෑ කුට්‌ටියට රිංගා ගෙන යද්දී
හිටිවනම තනි අලියා බලා සිටියේය. වහා ක්‍රියාත්මක වූ වෙන්දකඩුව මහතා නිර්වින්දන බෙහෙත් කොපුව අලියාගේ කකුලට විද්දේය. නිර්වින්දනයේ නියමිත වේලාව ගත් පසු අලියාගේ කකුල්වලට ලණුදමා බැඳීම පිණිස අලියාට ළංවිය. අලියාගේ එක්‌ පාදයක්‌ ළ`ගට ලංවෙද්දී ක්‌ෂණයකින් අලියා සිය පාදය ඔසවා නිලධාරියාට පහර දීමත් සම`ග ඔහු ඇදවැටිණි. වියරුවී සිටි අලියා නැවත වරක්‌ නිලධාරියාට පා පහරක්‌ දී ඇත. සෙසු නිලධාරීන් එක්‌ව අලිවෙඩි දමා අලියා පන්නා දැමීමෙන් පසු අලිපහරින් වැටී සිටි වෙන්ද කඩුව මහතා තඹුත්තේගම රෝහලට ගෙනයද්දී අතර මගදී අවසන් හුස්‌ම හෙළා ඇත. තඹුත්තේගම මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂකවරයාගේ මෙහෙය වීමෙන් වැඩිදුරටත් මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙයි.

 ඔරුගලයාය නමින් හැඳින්වෙන මේ කැලෑ කුට්‌ටියේ දිවා කාලයේදී සැ`ගවී ඉන්න වන අලි රංචුව රාත්‍රිකාලයට යාබදව ඇති ගොවිපලවලට පැමිණ හානි සිදු කරන බවට නිතර ගොවීන්ගෙන් පැමිණිලි ලැබීම නිසා මෙම මෙහෙයුම සිදු කරන ලද බව වනජීවී වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විස්‌තර කළේය.
 

 under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka