දරුවෙක්ගෙ හරි කරන කියන ව්‍යාපාරවල හරි ප්‍රශ්න තිබෙන බව නම් පේනවා.
මේක කාටවත් අල්ලන්න දෙන්න එපා. බලවත් කොඩිවිනයක්.
මිනිසුන් තුළ, මිනිසුන්ගේ ජීවිත තුළ උද්ගත වන ගැටලු පුදුමාකාරය. අද ලෝකය දැනුම අතින්, තාක්ෂණය අතින් කොයි තරම් ඉහළින් සිටියද සමාජය තුළ ජීවත් වන සමහර මිනිසුනට යම් ගැටලුකාරී වාතාවරණයක් ඇති වූ විට නවීන දැනුම ද උගත්කම ද යටපත් වී අවිද්‍යාව හා අඥාන බව මතු වන්නට පටන් ගන්නා අවස්ථා තිබේ.
එවිට සිදුවන්නේ තිබෙන ගැටලුකාරී තත්ත්වය තව තවත් උත්සන්න වී හොඳ - නරක, මිතුරා - සතුරා
හඳුනාගත නොහැකි මානසික වියවුලකට පත්වීමය.
ජයතිස්ස හා කමලා ගල්නෑව ගොවි ජනපදයේ දෙවැනි පරම්පරාවේ ගොවියන් වූහ. පවුලේ දෙවැනියා වූ ජයතිස්සට ගොඩමඩ ඉඩම්වලින් වැඩි හරියක් පියා විසින් ලබා දී තිබිණි.
ජයතිස්ස ගේ අයියා අවිවාහකයකු වූ නිසාත් වෙනත් රැකියාවක නියුතු වූ නිසාත් ජයතිස්සට මේ වැඩි වාසිය සලසන්නට පියා තීරණය කළා විය හැකිය.
ජයතිස්ස යුවළට අවුරුදු 17ක පමණ දියණියක් ද වයස අවුරුදු 12 ක පමණ පුතකු ද විය. එතරම් ඉහළට ඉගෙන ගත් දෙදෙනකු නොවූ මේ මවුපිය යුවළ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නම් මහත් කැපකිරීමක් කරන බවක් පෙනිණි. දරු දෙදෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීම ඔවුන්ගේ ප්‍රමුඛ අරමුණ විය.
එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි එක්තරා පාසල් නිවාඩු සමයකදී ජයතිස්ස යුවළගේ මේ බලාපොරොත්තුවලට කණකොකා හඬන සිදුවීමක් උදාවූයේය. මේ පවුලේ වැඩිමහල් දියණිය වූ ශ්‍යාමලී අසල්වැසි ගමක තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගෙන තිබෙන බවට ආරංචියක් ලැබිණි.
මේ නිසාම ඇය අධ්‍යාපන කටයුතු ද අවුල් කර ගෙන තිබෙන බව ගුරුවරුන්ගෙන් ද දැනගන්නට ලැබී තිබුණේය. මෙයින් කලබලයට පත් ජයතිස්ස දිනක් දියණියට පහර දෙමින් තරවටු කළේ මේ සම්බන්ධය නතර කොට ඉගෙනීමට සිත යොමු කරන ලෙසයි. එහෙත් යොවුන් ආදරයෙන් අන්ධ වී සිටි හිරිමල් වියේ යුවතියට පියාගේ මඟපෙන්වීම් වැටහුණේ නැත.
එක්තරා දිනකට හිරු උදා වෙද්දී දියණිය ශ්‍යාමලී ගෙදරට ලියුමක් ලියා තබා අර පෙම්වතා සමඟ පැන ගොස් සිටියාය. මෙවැනි සිදුවීමකින් සෑම අම්මකුටම තාත්තකුටම ඇති වන අන්දමේ මහත් වේදනාවක් මේ දෙදෙනාට උදා විය. ඔවුන්ට වැටහුණේ තමන්ගේ සියලු බලාපොරොත්තු සුන් වී ජීවිත අහවර වී ඇති සෙයකි.
දැන් කාලය සති, මාසවලින් ගෙවී යන්නේය. දියණිය ගැන කිසිම හෝඩුවාවක් නැත. තාත්තා ජයතිස්ස ක්‍රම ක්‍රමයෙන් මත් වතුරවල පිළිසරණ සොයමින් සිටියේය. ගොවිතැන් කටයුතු ද අඩපණ වෙමින් තිබිණි. දියණිය නිසි පරිදි රැක බලා නොගත් බවට ආඩපාලි කියමින් ජයතිස්ස බිරිය සමඟ අමනාප විය. ඒවා අඬදබර දක්වා දුර දිග ගියේය. ඒ නිසාම සමඟිය දෙදරා පවුලේ ආර්ථිකය ද අඩපණ වෙමින් තිබුණේය. සතුටින්, සාමයෙන් සිටි පවුලකට වෙච්ච ඇබැද්දිය ගැන ගමේ අය ද කම්පා වූහ.
ජයතිස්ස පවුලට ආදරය කළ ගමේ අය දැන් කියන්නේ මේ පවුලේ දියුණුව, සමඟිය නොරුස්නා කිසිවකු විසින් කොඩිවිනයක් හෝ අනවින හදි හූනියමක් කර ඇති බවය. මේ අදහස ගැන මුලින් එතරම් සැලකිල්ලක් නොදැක්වූ ජයතිස්ස යුවළ ද ප්‍රශ්න උග්‍ර වන නිසාම ඒ කතාවේ සත්‍යතාවක් ඇතැයි සිතීමට පෙලඹුණහ.
එක් දිනෙක ජයතිස්ස යුවළ පවුලේ කේන්දර ද රැගෙන දක්ෂ යැයි කියන සාස්තරකරුවකු සොයා ගියහ. මෙවැනි අත්දැකීම් ඇති මේ පේනකරුවන් සේවාලාභීන්ගේ මුහුණු හා ඉරියව්වලින්, දේහලක්ෂණවලින් බොහෝ ගැටලු හඳුනා ගැනීමට දක්ෂයෝය.
“මේ මව, පියා දෙදෙනා බොහොම කාලයක ඉඳන් ලොකු ප්‍රශ්නයක ඉන්නෙ. දරුවෙක්ගෙ හරි කරන කියන ව්‍යාපාරවල හරි ප්‍රශ්න තිබෙන බව නම් පේනවා...” ඔය විධියට සාස්තරකරුවා වහෙන්ඔරෝ කියවන විට සිත් වේදනාවෙන් සිටින පවුලේ කාන්තාව ටිකක් කට ඇරීම පුරුද්දය. ඒ අනුව කතාව අගින් කොනින් අල්ලා ගන්නා සාස්තරකරු කේන්දර පිටපත් දෙක එහාට මෙහාට කරමින් නළල රැලි ගන්වා මෙසේ කියන්නට විය.
“මේක ඔබ දෙන්නටම පවුලටම අපල කාලයක්. නිකම්ම නොවෙයි යම් කෙනෙක් කළ කොඩිවිනයක් නිසයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ. පවුලේ කෙනෙක්ම තමයි තමුන්නැහැලගෙ සුබ සිද්ධියට වින කරලා තියෙන්නෙ ඉඩකඩම්වලට ලෝබ වෙලා. මේක තව දුරදිග ගියොත් පවුලට මොනවයින් මොනවා වෙයිද කියන්න බැහැ. ඉක්මනින්ම මේ කොඩිවිනේ අයින් කර ගන්නව හොඳයි. එතකොට ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ලොකු කෙල්ල හනික ගෙදර එනවා සිකුරුයි. ශ්‍රී යා කාන්තාව උඹලැහෙ දිහාවට බැල්ම හෙළාවි එතකොට...”
සාස්තරකරු ගැටලුව ද පිළියම ද කියාගෙන ගියේය. මේ දියේ ගිලෙන මිනිහා පිදුරු ගහේත් එල්ලෙන වෙලාවයි. විකල්පයක් නැත. ජයතිස්ස යුවළ ශාන්ති කර්මයකට කැමැති වූහ. ලොකු ගාණක් යන වැඩක් නිසා මේ සඳහා ඉඩම් කෑල්ලක් විකිණීමේ අදහස ද ආවේය.
අම්මා තාත්තාගෙන් ලැබුණු දේවල් පිටට විකුණන්න එපා යැයි කියමින් ජයතිස්ස ගේ වැඩිමහල් සහෝදරයා ඉඩම් කෑල්ල මිලට ගන්නට ඉදිරිපත් විය. එහෙත් මොළේ ඇති ඔහු කීවේ මේ තත්ත්වය ජයතිස්ස මලයා විසින් ඇති කර ගත් දෙයක් මිස කොඩිවිනයක් නොවන බවය.
එක්තරා කෙම්මුර දිනයක කතිකා කර ගත් පරිදි යකැදුරා තවත් දෙදෙනකු ද සමඟ ජයතිස්ස ගේ ගෙදර ආවේය. රාත්‍රියේ සිදුකෙරෙන ශාන්තිකර්මයට අඩුවැඩිය හොයමින් ඔවුන් වත්ත පුරා කරක් ගැසුවේය. රාත්‍රිය උදාවිය. දුම්මල සුවඳින්, පන්දම් එළියෙන් යාතිකාවෙන් පමණක් නොව බෙරයක හඩින් ද ගෙදර ෙදාර හාත්පස පිරී තිබිණි. ආතුර පවුල පැදුරක වාඩි ගෙන සිටියහ. හිතවත් ගම්මු කිහිප දෙනෙක් ආවතේව උදවු කරමින් පසු වූහ.
දැන් මධ්‍යම රාත්‍රිය පසුවෙයි. මන්ත්‍ර, ස්තෝත්‍ර කියමින් ප්‍රධාන යකැදුරා ආවේශ වී සිටියේය. ඔහු නොතේරෙන භාෂාවකින් සහායක යකැදුරාට මොනවාදෝ කියයි. වත්තේ හතර කොන දිව යයි. ප්‍රධාන යකැදුරා එක් තැනෙක වත්ත හාරයි. එතැන නොවන බවට සන් කරයි. පන්දම් එළි දල්වමින් තවත් තැනකට දිව යයි. පිරිස තුෂ්ණිම්භූතය. වත්තේ කිහිප තැනකට දිවගිය ප්‍රධාන යකැදුරා නිශ්චිත තැනක පොළොවට කන තියා ස්ථිර කරයි.
එතැන පොළොව ඉතා පරිස්සමින් හෑරීමට සහායකයන් දෙදෙනාට අණ කරයි. පුදුමයකි, එතැන අඩියක් පමණ හාරන විට සිහින් වීදුරු කුප්පියක් මතු වෙයි. ඒ තුළ තඹ කොළ කැබැල්ලක් සහ ඇටකටු පතුරකි. මෙන්න කොඩිවිනය එය මතුකර ගත් පසු ඔහු ආවේශයෙන් මහා හඬක් නඟමින් පියවි සිහියට පත් වෙයි. සියල්ලන්ටම පෙන්වයි.
“මේක කාටවත් අල්ලන්න දෙන්න එපා. බලවත් කොඩිවිනයක්. අපි බල රහිත කොට මහ මුහුදට දානවා.” වීදුරු කුප්පිය පරෙස්සමෙන් බෑගයකට දමා ගනී. “දැන් බයවෙන්න දෙයක් නැහැ. ඔක්කොම කරදර ඉවරයි. මේ විනාශය වත්තේ වළලා තියෙද්දී යහතින් හිටපු එකයි පුදුමේ. පැනලා ගිය දෝණියැන්දත් දවස් 07න් ගෙදර ඒවි...”
මේ කටයුත්තෙන් පසු ජයතිස්ස යුවළ හරි සතුටට පත් වූහ. ගනුදෙනුව පියවා ගත් යකැදුරා ගෝලයන් දෙදෙනා ද සමඟ තෑගි බෝග ද රැගෙන පාන්දරම යන්නට ගියේය. පසුදින ගම පුරා කතාවක් පැතිර ගියේ ජයතිස්සගේ අයියා ඉඩම්කඩම්වලට මසුරුකමින් මේ පවුලට කොඩිවිනයක් කර ඇති බවයි. මෙය ඉහළින් පිළිගත් ජයතිස්ස සිය සහෝදරයා සමඟ බහින්බස්වීමක් ද ඇති කර ගත්තේ ය. බැන වැදුණේය. පොලිසි ද ගියේය. තරමක උගත්කමක් ඇති අයියා මේ තත්ත්වය පොලිසියට ද පැහැදිලි කර දුන්නේ ය. සති - මාස ගෙවී ගියේය. ගෙදර වෙනසක්, දියුණුවක්, සාමයක් නැත. දියණිය ගෙදර එන පාටක් ද නැත. ජයතිස්ස තවත් බීමට ඇබ්බැහි වුණේය.
මේ අවුල් වී තිබෙන පවුලේ තත්ත්වය මනෝ චිකිත්සක සහ මනෝ උපදේශකවරයෙකු වෙත යොමුවන්නේ ඔය අතරය. මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් අත්දැකීම් ඇති ඔහු මේ තත්ත්වය විග්‍රහ කළේය.
“ජයතිස්ස යුවළ බැලුබැල්මටම දැඩි මානසික පීඩනයකට පත් වෙලයි හිටියේ. මුල පටන්ම අප ඔවුන්ගේ කතාවට සවන් දුන්නා. දෙදෙනාම සන්සුන් කොට ඔවුන්ට සිදුවී ඇති දේ පැහැදිලි කළා. කාලයක් තිස්සේ තිබුණු ජීවිතයේ බලාපොරොත්තු, දියණිය ගැන තිබුණු ප්‍රාර්ථනා කඩවීම නිසා ඇති වුණු තත්ත්වයක්. බීමත්කම, පවුලේ අසමඟිය නිසා හොඳ ආදායමක් තිබුණු ගොවිතැනින් අයින් වුණා. ආර්ථිකය කඩාගෙන වැටුණා. දෙන්නා දෙමහල්ලන් සමඟ කළ උපදේශන සැසිවාර කිහිපයකදී මේ තත්ත්වය තේරුම් කර දුන්නා. යකැදුරා යමක් රැගෙන පෙන්වීමෙන් සහෝදරයා සමඟ අවුල් වියවුල් ඇති කර ගැනීම නිසා මේ පවුල තනිවුණා. සමඟිය ඇති කොට උපදේශන සඳහා සොහොයුරාවද මැදහත් කර ගත්තා. ඔහු ටිකක් උගත් නිහතමානී චරිතයක්. මල්ලී හා නෑනා මේ තත්ත්වයෙන් මුදා ගැනීමට ඔහුගෙන් උපකාර ගත්තා. පැනලා ගියත් විවාහ වී සිටි අර දියණිය පොලිසියේ ද මැදිහත් වීම මත සොයා ගන්නට හැකි වුණා. එයින් මේ මවුපියන් සතුටට පත් වුණා. ජයතිස්ස යුවළ නැවතත් සාමාන්‍ය ජීවිතයට පත් වුණා...”
කිසිවකුට යම් ගැටලුවක් ඇතිවූ විට එය මනාව හඳුනාගෙන කළමනාකරණය කරගත යුතුය. එසේ නොවුණහොත් මෙවැනි අවුල් සහගත තත්ත්වයන් ඇති වීම වළකාගත නොහැකිය. ඇති වූ සිදුවීම් මත ජයතිස්ස ලොකු මානසික ආතතියකට (psychological stress) පත් වී සිටි නිසා ඔහුගේ මනස විසින්ම ඔහුගේ පරිහානිය උදා කර ගෙන තිබිනි. ඒවාට වැරදි උපදේශයන් ලැබීම මඟින් තත්ත්වය තවත් උග්‍ර වෙයි. ජයතිස්ස යුවළට සිදු වී තිබුණේ ද එයමය.

under the courtesy of mawbima.lk news web