දැනට ශ්‍රී ලාංකිකයින් 1448 දෙනෙකු මෙරට නිරෝධායන කටයුතු වලට භාජනය කර තිබෙනවා.
ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා සති දෙකක කාලයක් බලපැවැත්වෙන පරිදි හදිසි තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා.ලොව පුරා පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් විදේශයන්ගේ සිටින ශ්‍රී ලාංකිකයින් හට මෙරටට පැමිණීමට මෙතෙක් අවස්ථාව දී තිබුනත් මෙම නීතිය බලපවත්විමෙන් පසු කිසිඳු ශ්‍රී ලාංකිකයෙකුට මෙරටට පැමිණීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.
අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මෙම තහනම ක්‍රියාත්මක බවයි ගුවන්තොටුපල හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මෙහෙයුම් අධ්‍යක්ෂක සඳහන් කළා.
මේ අතර දැනට ශ්‍රී ලාංකිකයින් 1448 දෙනෙකු මෙරට නිරෝධායන කටයුතු වලට භාජනය කර තිබෙන බවත් ඔහු පැවසුවා.
under the courtesy of mawbima.lk news web