දින 04 ක දීර්ඝ මෙහෙයුමකින් අනතුරුවනාවික හමුදාව භාරයට
ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට ඉතිහාසයේ සොයා ගන්නා ලද විශාලම මත්ද්‍රව්‍ය තොගය සහ යාත්‍රා ද්විත්වය දික්ඕවිට වරාය වෙත රැගෙන එනු ලැබුවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600 කට අධිකයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද බුද්ධිමය තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාව ආවේක්ෂණ නෞකාවන් යොදා ගනිමින් ගැඹුරු මුහුදේ දියත් කරනු ලැබූ විශේෂ මෙහෙයුමකින් පසුව
මේ සඳහා සමුදුර සහ සිඳුරල යන ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාවන් මසකට ආසන්න දීර්ඝ මෙහෙයුමක නිරත වුණා.
එම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ලබාදීමට ධීවර කටයුතු කරන මුවාවෙන් ගැඹුරු මුහුදේ රැදීසිටි ධජයක් රහිත යාත්‍රාවක් පසුගිය 29 වැනිදා ප්‍රථමයෙන් නාවික හමුදාව භාරයට ගනුලැබුවා.
ඒ ගාල්ල මුහුදු තීරයේ සිට කිලෝමීටර් 1111ක් දුරින් තිබියදී.
එහි සිටි සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ඒ ආසන්නයේ තිබූ තවත් එවැනිම ධීවර යාත්‍රාවක් දින 04 ක දීර්ඝ මෙහෙයුමකින් අනතුරුව නාවික හමුදාව සිය භාරයට ගත්තා.
එම ධීවර යාත්‍රා දෙකේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝගෑම් 100ක් සහ හෙරොයින් කිලෝගෑම් 400ක් සමග සැකකරුවන් පස්දෙනෙක් සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකිවුණා