දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක්
කොරෝනා වෛරසය ලංකාව තුළ ද පැතිර යාමේ අවධානම උත්සන්න වීමත් සමග විදේශ රටවල සිට
මෙරටට පැමිණෙන පුද්ගලයන් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවට රජය විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා.
මෙරටට පැමිණෙන පුද්ගලයන් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ යුතු බවට රජය විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා.
කෙසේ වෙතත් පසුගියදා ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට ආ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නිරෝධායනයට යොමු වීමට අකමැති බව පවසමින් විරෝධය පළ කරන ආකාරය දැක ගන්නට ලැබුනා.
එම සිදුවීමේදී තම අකමැත්ත සහ විරෝධය පළ කරන මෙම පිරිස් රජයේ බලධාරීන්ට බාධා කරමින් හැසිරෙන ආකාරයද පෙනී යනවා.
කෙසේ වෙතත් මෙවැනි වසංගත රෝග තත්වයක් පැතිර යාමේ අවදානමක් පවතින අවස්ථාවක ඒ සම්බන්ධ කටයුතු වලට බාධා කිරීම ද්වේශසහගත ලෙස හැසිරීම මෙරට දණ්ඩ නීති සංග්‍රහය අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වනවා.
මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන නීතීඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 14 පරිච්ඡේදයේ මහජන සෞඛ්‍ය ආරක්ෂාව සහ සදාචාරය සම්බන්ධයෙන් වන 261, 262, 263, 264 වගනති යටතේ මෙවැනි නිරෝධායන කටයුත්තකට විරෝධය පළ කිරීම හෝ බලපෑම් කිරීම සඳහා මාස 6ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
භයානක වසංගත රෝග තත්වයකට ලෝකයම මුහුණ දී සිටින අවස්ථාවක වගකීමක් සහිත රටවැසියන් වශයෙන් නීතියට අවනතව කටයුතු කිරීමත් පුද්ගලික අදහස් සහ අවශ්‍යතා පසෙකලමින් රටේ පොදු මහජන යහපත පිළිබඳ සිතා බල කටයුතු කිරීම අතිශය වැදගත් වනවා.
under the courtesy of mawbima.lk news web