Tuesday, March 10, 2020

මට කියලා ගියේ තාත්තේ කතරගම යනවයි කියලා යාලුවෝ එක්ක - පාන්දරම කතරගම වන්දනාවේ ගිය 6 කට මරු කැඳවූ වෑන් රථ අනතුරට හේතුව හෙළිවෙයි - Video

අම්මටත් කියලා අම්මා මේ මං යන්නම් කියලා. රෑ ඊට පස්සේ කොල් කළේ නැහැ
මට කියලා ගියේ තාත්තේ කතරගම යනවයි කියලා යාලුවෝ එක්ක

ලුණුගම්වෙහෙර 22 කණුව ප්‍රදේශයේදී අද අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රිය
අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම දක්වා විනෝද චාරිකාවක් යමින් සිටි ගාල්ල ප්‍රදේශයේ තරුණයින් පිරිසක්.

මත්තල - කතරගම ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර පොලිස්වසමට අයත් 22කේ කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවුණේ අද අලුයම 1.45ට පමණ.

අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

බෝම්බයක් ගැහුවා වගේ අපේ ගෙවල්වලට ඇහුණා සද්දේ. මරණ දෙක තුනක් මෙතනට ඇඳලා තිබුණා. තුන් දෙනෙකුගේ විතර හුස්ම වැටුණා මෙතනදී. එක් කෙනෙක්ගේ නම් , මූණ මේ පැත්තක්ම නැහැ. මේ පැත්ත දත්වලට කැඩිලා ඉරිලා වගේ ගිහිල්ලා තිබුණා. අරගෙන වාහනවලට දාලා යැව්වා.

අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයින් 9 දෙනකු ගමන් කරමින් සිට ඇති බව පොලිසිය සදහන් කළා.

තුවාලකරුවන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී පුද්ගලයින් 6 දෙනෙකු ජීවීතක්ෂයට පත් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූවන් ගාල්ල ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අනතුරට මුහුණ දුන්නේ කතරගම ප්‍රදේශයේ චාරිකාවකට සහභාගී වෙමින් සිටියදියි.

මියගිය පුද්ගලයින් අතර දියතලාව යුද හමුදා කඳවුරට අනියුක්තව රාජකාරී කළ ඉසුරු නුවන් සම්පත් නැමැති සෙබලෙකුද වනවා.

මියගිය චමීර ප්‍රසාද් විසි දෙහැවිරිදි තරුණයෙක්.

සිද්ධියෙන් මියගිය චමීර අප්සර ගාල්ල මානවිල ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙක්.

30 හැවිරිදි රජිත් මධුරංග ද අනතුරින් තුවාල ලබා තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ අනෙක් තරුණයින් තිදෙනා හම්බන්තොට සහ දෙබරවැව රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

මූලික පරික්ෂණවලදී අනාවරණ වී ඇත්තේ රියදුරුට නින්දයාම සහ අධික වේගය අනතුරට හේතුව බවයි.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka