බදුල්ල, අම්පාර හා මාතර වැනි දුර බැහැර ප‍්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස 22 ත් 34 ත් අතර වේ.
ආයුර්වේද බලපත‍්‍ර නැතිව පවත්වාගෙන යනු ලැබූ සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා කාන්තාවන් පස්
දෙනකු සමග කළමනාකරුවන් දෙදෙනකු බියගම පොලිසිය මගින් ඊයේ පෝය දින (09 වැනිදා) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.
දෙනකු සමග කළමනාකරුවන් දෙදෙනකු බියගම පොලිසිය මගින් ඊයේ පෝය දින (09 වැනිදා) දහවල් අත්අඩංගුවට ගන්නා ලදී.
ඉන් එක් සම්බාහන මධ්‍යස්ථානයක් සියඹලාපේ හන්දිය ප‍්‍රදේශයේ හා අනික් මධ්‍යස්ථානය බියගම, බණ්ඩාරවත්ත ප‍්‍රදේශයේදී මෙසේ වැටලූහ.
සියඹලාපේ හන්දිය ප‍්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සම`ග කාන්තාවන් තිදෙනකු හා බණ්ඩාරවත්ත සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සමග කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සම්බාහන මධ්‍යස්ථානවල සිටි කාන්තාවන් බදුල්ල, අම්පාර හා මාතර වැනි දුර බැහැර ප‍්‍රදේශවල පදිංචිකාරියන් වන අතර ඔවුන් වයස 22 ත් 34 ත් අතර වේ.
එම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1000 ක් ගෙවා සම්බාහන මධ්‍යස්ථානවලට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත මත තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු වන්නේය.
මේ හත් දෙනාම මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යති.
බියගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඊ. ඒ. සී. එල්. අමරසේකර, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද සේනාරත්න, උප පොලිස් පරීක්‍ෂකවරුන් වන මනෝජ් සංජීව (¥ෂණ මර්දන අංශය), ප‍්‍රභාත් කුමාර යසවර්ධන (විවිධ පැමිණිලි විමර්ශන අංශය), කුමාර, වසන්ති, සැරයන් කොඩිකාර (48893), පො. කො. ගුණරත්න (37826), සේනානායක (88674), කසුන් (34252), හා කාන්තා පො. කො. මදුවන්ති (10369) යන නිලධාරීහු මේ වැටලීම සිදු කරනු ලැබූහ.
දෙල්ගොඩ - ඩබ්ලිව්. ඞී. විතාන
under the courtesy of divaina.com news web