පාසල් ක්‍රිකට් පිටියේදී ලකුණු 400 ක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට වයස අවුරුදු
19 න් පහළ පිතිකරු නවෝද් පරණවිතාන අද සමත්විය.
ගාල්ලෙහි මහින්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කරන ඔහු ධර්මශෝක විද්‍යාලයට එරෙහිව අද ලකුණු 409 ක් රැස් කළේ හයේ පහර 19 ක් සහ හතරේ පහර 39ක් ඇතුළුවයි.
ශ්‍රී ලංකාව විසින් පිළිගත් ඕනෑම වෘත්තීය මට්ටමක ශ්‍රී ලංකා පිතිකරුවෙකු ඉනිමකදී ලකුණු 400 ක් රැස් කළ පළමු අවස්ථාව මෙයයි.
නවෝද් පරණවිතාන මෑතකදී අවසන් වූ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්ද ක්‍රීඩා කළේය
under the courtesy of mawbima.lk news web