Saturday, March 14, 2020

ට්‍රම්ප් ගේ තාප්පයෙන් ඇද වැටී 19 හැවිරිදි ගැබිණිය මරු දකී

ඇය ග්වාතාමාලා ජාතික කාන්තාවක්

අමෙරිකාව සහ මෙක්සිකෝව වෙන් කරමින් ට්‍රම්ප් විසින් ඉදි කරන දේශ සීමා තාප්පය තරණය කරන්නට උත්සාහ කළ 19 හැවිරිදි ගැබිණියක් ඉන් ඇද වැටීමෙන් මරණයට පත් වී තිබෙනවා.
ග්වාතාමාලා ජාතික කාන්තාවක් වන ඇය ටෙක්සාස් හි එල් පාසෝ ආසන්නයේ ඇති යකඩ දැලින් තැනූ බාධකය පසු කර අමෙරිකාවට ඇතුල් වන්නට උත්සාහ කිරීමේදී ඉන් ඇද වැටී ඇති අතර රෝහල්ගත කිරීමෙන් පසුව මිය ගිය බව අමෙරිකානු සහ ග්වාතමාලා බලධාරීන් තහවුරු කර තිබෙනවා.

ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු බොහෝ  රටවල් ප්‍රමාණයකට එරෙහිව සරණාගත නීති තදින් ක්‍රියාත්මක කිරීමට පෙළඹුණා.

විශේෂයෙන්ම මෙක්සිකානු දේශ සීමා ඔස්සේ ඇතුළු වන සංක්‍රමණිකයන් සීමා කරන්නට තාප්පයක් ඉදි කිරීම බොහෝ විවාදයන්ටද මාතෘකාවක් බවට පත් වුනා.

එල් පාසෝ කොටස භාරව කටයුතු කරන දේශ සීමා ආරක්ෂක බලධාරීන් මෙම අනතුර සම්බන්ධයෙන් මිනිස් ජාවරමේ යෙදෙන්නන්ට චෝදනා එල්ල කරනවා.

මුදල් සඳහා මෙම කටයුතු සිදු කරන පිරිස් මෙසේ තාප්පය නැග අමෙරිකාවට ඇතුල් වන්නට පුද්ගලයන් උනන්දු කරවමින් ජීවිත අනතුරේ ලන බව ඔවුන් පවසනවා.

මේ අනතුරු වලට වගකිවයුතු මෙක්සිකෝවේ සිටින ජාවරම්කරුවන් සොයා නිසි දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවයි ඔවුන් පවසන්නේ.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka