Tuesday, March 10, 2020

කොවිඩ් 19 හෙවත් කොරෝනා බිලිගත් ජීවිත ගණන 4000 ඉක්මවයි - ඉතාලියේ පැය 24ක් තුළ 97 ක් මරුට - අලුත්ම තත්ත්වය මෙන්න - Photos

ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව ද 9172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව එක්ලක්ෂ 13,603 දක්වා ඉහළ ගොස් ඇති අතර
මරණ සංඛ්‍යාව ද 4012 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ ගෝලීය වසංගතයක් ලෙස නම් කළ ද එය ඉතිහාසයේ පාලනය කළ පළමු වෛරසය විය හැකි බවයි.

පැන්ඩමික් හෙවත් ගෝලීය වසංගතය යන්න නිර්මාණය වී ඇත්තේ සියළු ජනයා යන අරුත් ඇති ග්‍රීක වදනකින්.

මහද්වීප පුරා පැතිරුණු වසංගත රෝග එලෙස නම් කරනු ලබන අතර, ඍතු වෙනස නිසා ඇති වන රෝග ඊට ඇතුළත් වන්නේ නැහැ.

ඉතිහාසය පුරා ගෝලීය වසංගත රැසක් වාර්තා වන අතර, සරම්ප සහ ක්ෂය රෝග වසංගත ඒ අතුරින් ප්‍රකටයි.

බ්ලැක් ඩෙත් හෙවත් කළු වසංගතය ලෙස නම් කෙරුණු 14 වන සියවසේ යුරෝපය පුරා පැතිරුණු වසංගතයෙන් පුද්ගලයන් මිලියන 75ත්, 200ත් අතර සංඛ්‍යාවක් මිය යන්නට ඇතැයි සැලකෙනවා.

තවමත් පවතින එකම පැන්ඩමික් වසංගතය වන්නේ 80 දශකයේ පැන නැගුණු එච්.අයි.වී. සහ ඒඩ්ස් රෝගයයි.

1918 වසරේ ඉන්ෆ්ලූවෙන්සා වසංගතය සහ 2009 වසරේ පැන නැගුණු එච් වන් එන් වන් වසංගතය මෑත කාලීනව වාර්තා වූ පැන්ඩමික් වසංගත වනවා.

මේ අතර, කොරෝනා වෛරසය විශාල වශයෙන් පැතිරෙන යුරෝපීය රට වන ඉතාලිය සිය නිරෝධායන පියවර දැඩි කර ඇති අතර, රට පුරා මහජනයා එක්රැස් වන සියළුම උත්සව තහනම් කර තිබෙනවා.

ඉතාලි අග්‍රාමාත්‍ය ජුසපේ කොන්ටි කියා සිටියේ ඕනෑම පුද්ගලයෙකුට සේවය සහ පවුලේ හදිසි අවශ්‍යතා සඳහා පමණක් සංචාරය කිරීමට ඉඩ ලබාදෙන බවයි.

ඉතාලියේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ 97 කින් ඉහළ ගොස් ඇති අතර එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 463ක්.

ඉතාලියේ ආසාදිත සංඛ්‍යාව ද 9172 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

චීනය සහ ඉතාලිය හැරුණු කොට ඊළඟට වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්.







------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka