ඒ කාගෙවත් වරදින් නොවේ දෙමාපියන්ගේ වරදින්
දෙමාපියන් දරුවන් පාසලට හෝ පංතියට ගෙනත් දාලා යනවා.
තමා හිඟුරක්ගොඩ පොලීසියට පැමිණ දින 15ක් බවත් එම කාලය තුලදී පාසල් යන වයසේ දරුවන්, නිවෙස් වලින් පැනගොස් අඩු වයසින් විවාහ වී සිටි යුවළ 7ක් පොලීසියට ගෙන ආ බව හිඟුරක්ගොඩ ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර පැවසීය.
"මම කපල් හතක් පොලීසියට ගෙනාවා. ඒ කාගෙවත් වරදින් නොවේ දෙමාපියන්ගේ වරදින්."
ප්‍රධාන පොලිස් පරික්ෂක බුද්ධික ගුණසේකර එසේ පැවසුවේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මින්නේරිය ජාතික පාසලට පත් වු නව විදුහල්පතිවරයා එපා යැයි පවසමින් එම විද්‍යාලය ඉදිරිපිට පසුගිය
(02) දින විරෝධතාවයක නිරත වු දෙමාපියන් පිරිසක් අමතමිනි.
"දෙමාපියන් පාසලට හොඳ ගුරුවරු, හොඳ පාසල් ඉල්ලනවා වාගේම තමන්ගේ දරුවන් පිළිබඳ ගොඩාක් සොයා බලන්න. අදත් මට පාසල් දරුවෙක් මොනරාගල ඉදලා ඇවිත් හිඟුරක්ගොඩ බස් හෝලට් එකේ රෑ එළිවෙනතුරු නිදාගෙන ඉන්නකොට අත්අඩංගුවට ගෙන පොලිසියට අරන් ගියා."
"දෙමාපියන් දරුවන් පාසලට හෝ පංතියට ගෙනත් දාලා යනවා. ඒ අය පාසලෙන් හෝ පුද්ගලික පංතියෙන් හොරෙන් පැනලා ගිහිල්ලා නතර වෙන්නේ හොටල්වල. දරුවන් පිළිබඳ මීට වඩා සොයා බලන්න ඕනෑ. ඒ නිසා ළමයින්ගේ පොතපත ගැන හා ගුරුවරු ගැන විතරක් හොයලා වැඩක් නැ. දරුවන්ට හොද ආරක්ෂාවක් ලබාදීම දෙමව්පියන් විසින් කළ යුතු වගකිමක් කියලා මතක තබා ගන්න."
හිඟුරක්ගොඩ - ප්‍රියා

under the courtesy of mawbima.lk news web