ඇඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගෝනදුවේ නිවසක් තුළ සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් 13 දෙනෙක් ඊයේ (27) සවස අත්අඩංගුවට ගැනිමට ගැනිමට කළුතර දිසා දුෂණ මර්ධන ඒකකය සමත්විය.
මෙසේ අත්අංඩංගුවට පත්ව ඇත්තේ මොරොන්තුඩුව ගෝනදුව දෙල්දුව කෝපියවත්ත චමිලිපුර ප‍්‍රදේශවල පදිංචි අවුරුදු 22 ත් 42 ත් අතර වයසේ පසුවෙන පුද්ගලයින් බවයි පොලිසිය පවසන්නේ.
ලද තොරතුරක් මත ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක නුවන් කොරලගේ ඇතුළු පොලිස් කණ්ඩායම ගෝනදුව කවටයාගොඩ උස්වත්ත නිවස වටලන විට නිවසේ ආරක්‍ෂාවට අතහැර දමා සිටි ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙක් පොලිස් නිළධාරින් වෙත කඩාපැන ඇති අතර පොලිස් කණ්ඩායම සුනඛයා මෙල්ලකර නිවස වටලා පරික්‍ෂා කිරීමේදී හෙරෝයින්, අයිස්, කේරල ගංජා සහ මත්කරල් සමගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සාදයට පැමිණි යතුරු පැදි 07 ක් සහ ඔවුන් සතුව තිබු ජංගම දුරකතන 10 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වුවන් අතර නිවසේ හිමිකරු සහ ඔහුගේ පුතාද සිටින බැව් වැටලිමට එක්වු පොලිස් නිළධාරියෙක් පැවසිය.
අත්අඩංගුවට පත් සැකකරුවන් මොරොන්තුඩුව පොලිසියට භාරදි ඇති අතර පානදුර ගරු මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
පොතුපිටිය සුමිත් රණවක

under the courtesy of mawbima.lk news web