Wednesday, March 4, 2020

13 හැවිරිදි දැරිය මාස 7 ක් තිස්සේ කෙලෙසලා - කොළඹ පාසල් සිසුහු හතක් රිමාන්ඞ්

13 හැවිරිදි දැරිය මාස 7 ක් තිස්සේ කෙලෙසලා

පාසල් සිසුවියක වූ 13 හැවිරිදි සිය පෙම්වතියට මිතුරන් හයදෙනකු හා එක්ව පුරා මාස හතක කාලයක් තිස්සේ විටින් විට අතවර කළේ යැයි කියන කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක 18 හැවිරිදි සිසුවකු හා ඔහුගේ මිතුරන් වන තවත් පාසල් සිසුන් 6 දෙනකු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය  නියෝග කළාය.

 අධිකරණය හමුවේ පැවැති හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී අතවරයට පත් සිසුවිය සැකකාර සිසුන්
හත්දෙනාවම හඳුනා ගැනීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.

 කොළඹට තදාසන්න ප‍්‍රදේශයක පිහිටි පාසලක ඉගෙනුම ලබන එකී බාලවයස්කාර සිසුවිය අමතර පන්තියකදී දැන හඳුනා ගෙන පේ‍්‍රම සම්බන්ධයක් ඇති කර ගත් කොළඹ ප‍්‍රධාන පෙළේ පාසලක ඉගෙනුම ලබන බව කියන සැකකාර පෙම්වතා ඇය රවටා ගෙන ලැගුම් හලකට ගෙන ගොස් ඇයගේ ඡායාරූප රැගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා ඇත.

 පසුව වට්ස් ඇප් මාර්ගයෙන් ඇගේ විස්තර හා දුරකථන අංකය සිය මිතුරන් පිරිසකට ද යවා ඇති බවත් ඒ ඔස්සේ සෙසු සැකකාර සිසුන් හය දෙනා ද ඇයව විවිධ ස්ථානවලට ගෙන්වා ගෙන විටෙන් විට දූෂණය කර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි.

 මෙයට මාසයකට පමණ පෙර අහම්බෙන් මෙන් සිය දියණියගේ ජංගම දුරකථනය පරීක්ෂා කළ ඇගේ මව එහි තිබූ අසභ්‍ය වීඩියෝ දර්ශන දැක ඒ පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කර තිබිණි. ඉතා රහසිගතව විමර්ශන සිදුකළ ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් එකී සැකකාර සිසුන් හත් දෙනා පසුගිය වසරේ පෙබරවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා මාස හතක කාලයක් ඇයට අතවර කර ඇති බව අනාවරණය කර ගැනීමට සමත් වී තිබිණි.

 එකී සැකකරුවන් සියලූ දෙනාම කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පිහිටි ප‍්‍රධාන පෙළේ පාසල්වල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් බව අධිකරණය හමුවේදී අනාවරණය වී තිබිණි.

 එකී සැකකරුවන් හත්දෙනා  අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා පමණක් ඔවුන් ඉදිරිපත් කරනා බව පෙන්වා දෙමින් අධිකරණයට කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන් දෝෂ දර්ශනයට ලක් කළාය.

under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka