Friday, March 6, 2020

"තමුසෙ අරූ එක්ක කරපු දේවල් මා ළඟ තියෙනවා. මම ඌට වඩා දරුණුයි. මා එක්ක යන්න එන්න ඕන.." - 13 හැවිරිදි පාසල් සිසුවියක් මාස 7ක් තිස්සේ කෙළෙසූ, කොළඹ පාසලක සිසුන් 7 දෙනෙකුට වැඩ වරදී

"මා එක්ක ආවේ නැත්තම්, මම මේවා ඉන්ටනෙට් එකට දානවා.."

මෙය විනෝදකාමී දෙයක්ද? අධිකරණය ළමාරක්ෂක අධිකාරියෙන් අසයි..

වයස අවුරුදු 14ක දැරියකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බවට බිය ගන්වා එම දැරිය බරපතල ලිංගික අපයෝජනයට ලක්කළැයි කියන සිද්ධියකට අදාළ තරුණයින් 7 දෙනෙකු ඇතුළු 9 දෙනෙකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18 සිට 21
දක්වා අතර වයස් සීමාවල පසුවන තරුණයින් 7 දෙනෙකු සහ එයට ආධාර අනුබල දුන් බව කියන දෙදෙනෙකුයි.

මෙම සිද්ධියට අදාළ පළමු සැකකරු මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිටින අතර සිද්ධිය වන අවස්ථාවේ ඔහු රැකියා විරහිතව සිටි 20 හැවිරිදි අයකු බව ළමරක්ෂණ අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

මෙම සිසුවිය සම්බන්ධයෙන් වන සිද්ධියට අදාළව නඩු හයක් අධිකරණය හමුවේ විභාග වන අතර එම නඩු හය සම්බන්ධයෙන් පෙරේදා (02) හඳුනාගැනීමේ පෙරට්ටුවක් පැවැත්වුණා. එහිදී එම වින්දිත දැරිය සැකකරුවන් නව දෙනා හඳුනාගෙන තිබෙනවා.

හඳුනාගැනීමේ පෙරට්ටුවෙන් පසු මෙම සිද්ධිය අධිකරණය හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ළමාරක්ෂණ අධිකාරිය වැඩිපුර බී වාර්තාවක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබුණා.

එහිදී එම බී වාර්තාවේ අඩුපාඩු දුටු මහේස්ත්‍රාත්වරිය ළමාරක්ෂණ අධිකාරියට දැඩි ලෙස අවවාද කරමින් එහි අඩුපාඩු පෙන්වා දුන්නා.

වයස අවුරුදු 14ක මෙම වින්දිත දැරිය කිසිදු සමාජ අවබෝධයක් නොමැති අයෙකු වන බවත්, ඇයගේ ශරීරය මෙන්ම මනසද දැඩි ලෙස අපයෝජනය වී ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙය සැලසුම් සහගතව සිදු කරන ලද ක්‍රියාවක් බවට පෙනෙන්නට ඇති බව සඳහන් කරමින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

එසේම ළමාරක්ෂක අධිකාරිය මෙම අපරාධය සැහැල්ලු අපරාධයක් ලෙස සලකා වැඩිදුර වාර්තාව සැකකරුවන්ට ඇප ලබාදිය හැකි ආකාරයට සකස් කර අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙය ඉතා විනෝදකාමී දෙයක් ලෙසට දකින්නේ ඇයි දැයි විමසුවා.

2019 වර්ෂයේදී පෙබරවාරි මස නාඳුනන අංකයකින් තම මවගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණු බවත්, "තමුසෙ (.......) එක්ක කරපු දේවල් මා ළඟ තියෙනවා. මම ඌට වඩා දරුණුයි. මා එක්ක යන්න එන්න ඕන.. නැත්තම් මේවා අන්තර්ජාලයට දානවා.." යැයි එහි සඳහන් වූ බව පැමිණිල්ලේ සඳහන්.

පසුව එම පුද්ගලයා ත්‍රීරෝර රථයකින් තම නිවස ඉදිරිපිටට පැමිණි බවත් අමතර පන්තියකට යන බව පවසා තමන් පිටත්ව ගිය බවත් පැමිණිලිකාර දැරිය සඳහන් කර තිබුණා.

මේ අයුරින් සැකකාර තරුණයාගේ මිතුරන් හය දෙනෙකු වරින් වර දුරකථන ඇමතුම් දෙමින්, මෙම දැරිය කඩුවෙල ප්‍රදේශයේ ලැඟුම්හල් වෙත රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වෙන බව ළමාරක්ෂක අධිකාරිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ නඩු 6ක් වශයෙනුයි.


under the courtesy of lankadeepa.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka