Saturday, March 14, 2020

“උයන්පල්ලාට උයනේ ඇති සියලු රෝස මල් විනාශ කළ හැකි වුවද මල් පිපෙන වසන්තය උදාවීම නම් වළක්වාලිය නොහැකිය..” - චන්ද්‍රිකාගෙන්, හිටපු ජනපති මෛත්‍රීට පිටු 12ක ලිපියක් - Video

උකුස්සා ගැන මන්ත්‍රීවරු තැන තැන කියපු කතා..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.
පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යමකාරක සභාවේදී මෙම තීරණයට එළඹි බවයි.

ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යමකාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වුණේ කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී.

ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උකුස්සා ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළවුණා.

මේ අතර, තමන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ තනතුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිටු 12කින් යුත් ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ තනතුරුවලින් ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බව පෙන්වා දෙමින් සිය ලිපිය ඇය අවසන් කර ඇත්තේ “උයන්පල්ලාට උයනේ ඇති සියලු රෝස මල් විනාශ කළ හැකි වුවද මල් පිපෙන වසන්තය උදාවීම නම් වළක්වාලිය නොහැකිය“ යන ප්‍රකාශය තමා දැඩිව විශ්වාස කරන බව සඳහන් කරමින්.
 

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka