Thursday, February 20, 2020

"එන්න ළමයෝ බයවෙන්න එපා.. අද අයියා ගෙදර නෑ.." - ඕලෙවල් කරන්න ඔන්න මෙන්න හිටපු චානක, අසල්වැසි නිවසට ආපු අංජලී අක්කට වශි වෙලා ජීවිතයට කරගත්ත අපරාධය - Video

අක්කා මාත් එක්ක ඉද්දි අයියා ඇවිත් දොරට ගැහුවා..
 

මගේ වයසත් එක්ක මම එයාට මහා පුදුම විදිහට ඇදිලා ගියා.. 

ජීවිතේ එක තැනකින් තව තැනකට ඔසවලා තියන්න, උනන්දුව, උත්සහය අත්‍යවශයි. ඒ උනන්දුව, උත්සහය, ආසාව කොයි තරම් තිබුණත් වැඩක් නෑ ඒ දේවල්වලට නිශ්චිත අරමුණක් නැත්තම්..

නිදහස අසීමාන්තික වෙලා ආශාවන් සහ හැඟීම් අසීමාන්තික වුණාම අපිට අපේ ජීවිතේ ගමන ගොඩක් වරදින්න පුළුවන්. නිවැරදි මඟපෙන්වීමක්

නොමැති නිසා, තමන්ගේ ජීවිතේ කාලපරිච්ඡේදයක් අහිමි කරගත්ත තරුණයෙක් ගැන කතාවක්. එහෙමනම් හැඟූම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න..

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 106 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.

මේ කතාව චානක ගැනයි...

චානක කියන්නේ පාසල් අවදියේ නරකම කාල දසාව පහු කරමින් හිටපු හාදයෙක්. ඕලෙවල් කරන්න ඔන්න මෙන්න හිටපු චානකගේ ජීවිතේ වෙනස් අතකට දුවන්නේ නොහිතපු විදිහටයි. අයියාත් අම්මාත් තාත්තාත් විතරක්ම වුණු මේ පවුලේ බඩපිස්සා වුණේ චානක.

ශාන් සහ සුපුන් කියන්නේ චානකගේ අතිජාත මිත්‍රයෝ. මේ මිත්‍රකම් එක්ක කාලය ගතවෙද්දි ටිකෙන් ටික සමාජය විසින් වහං කරපු නරක දේ අත්හදලා බලන්න මේ අය පුරුදු වෙනවා. අසභ්‍ය චිත්‍රපටිවලට වගේම සිගරැට් අරක්කු වගේ මත්ද්‍රව්‍ය වලටත් මේ අය පුදුම විදිහට ඇබ්බැහි වුණා.

ඒ අතරතුර තමයි චානකගේ අසල්වැසි නිවසට සුරූපී කාන්තාවකගේ ආගමනය සිද්ධ වෙන්නෙ. ඇය නමින් අංජලී. විවාහක කාන්තාවක වුණු මේ "අක්කා"ට ඇබ්බැහි වෙන්න චානකට වැඩි කාලයක් ගියේ නෑ. ඇයත් එක්ක කුළුපග වෙන්න, ඇයට සමීප වෙන්න චානක නොගත්ත උත්සහයක් නැහැ. කොහොම හරි විවිධ උපක්‍රම පාවිච්චි කරලා අංජලීට ළංවෙන්න උත්සහා කරපු චානකට මුලින්ම ලැබුණේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි.

ඒත්... ටිකෙන් ටික මේ "අක්කා" තමන්ගේ විවාහ ජීවිතයේ දුක් කම්කටළු ගැන චානක එක්කලා කියන්න ගත්තා. තමන්ට සැමියා ආදරය නොකරන බව පුන පුනා කියන "අක්කා" චානකට ළංවෙන්න ගත්තෙ එහෙමයි. එදායින් පස්සෙ, සැමියා ගෙදර නැති හැම වෙලාවකම අංජලී, චානකව ගෙන්නගෙන ලිංගිකව එකතු වුණා.

දවසක් මේ දෙන්නා ඒ විදිහට ඉන්නකොට තමයි හදිසියේම අංජලිගේ සැමියා කතා කරන හඬ ඇහෙන්නේ. ඉතින් එදා.. අංජලීගේ සැමියා අංජලීට "හුඟක් නරක ගැහැණීයක්" විදිහට කතා කරන්න ගන්නවා. චානක එදා දැනගන්නවා, අංජලී ලිංගික පහස විඳපු එකම එකා තමන් විතරක් නෙවෙයි කියලා. එදා අනූ නවයෙන් බේරුණා වුණත් දිගින් දිගටම චානකට මේ සෙල්ලමේ යෙදෙන්න බැරිවෙනවා. චානකගේ ශරීරයට හිටි හැටියේ අමුතු වෙනසක් දැනෙන්න ගන්නවා.

ඉතින් චානක දැනගන්නවා, "අක්කා" තමන්ට අමතක නොවන තෑග්ගක් විදිහට "සමාජ රෝගයක්" දීපු විත්තිය.

අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.

මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka