වෙඩි වැදීම හේතුවෙන් තවමත් අසනීප තත්ත්වයේ පසුවන හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ මොහොමඞ් රාසික් මොහොමඩ් තස්ලිම් නැමැත්තා අද ගිලන්
රථයකින් පැමිණ පාස්කු ප්‍රහාරය පිළිබදව විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිෂන් සභාව වෙත සාක්ෂි ලබාදුන්නා.
ගිලන් ඇදක සිටිමින් සාක්ෂි දුන් ඔහු කියා සිටියේ තමාට වෙඩි ප්‍රහාරයට ලක්වීමට සිදුවූයේ මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීමේ සිද්ධියේ පරීක්ෂණවලට සහය දීම හේතුවෙන් බවයි.
සාක්ෂි විමසීම අරඹමින් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය 2018 දෙසැම්බර් මස 26 වන දින මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුගෙන් විමසා සිටියා.
ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ දෙසැම්බර් මස 27 වන දින හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ ඥාතියෙකු විසින් දුරකථන ඇමතුමක් ලබාදී බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන තමාව දැනුවත් කරන ලෙසට දැනුම් දුන් බවයි.
ඒ අනුව ගම්වාසීන් විසින් කොටු කර ගත් පුද්ගලයෙකු විදුලි කණුවක ගැට ගසා ප්‍රදේශවාසීන් එම ස්ථානයේ රැඳී සිටින බවට ඔහුව දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීමට අදාළ පරීක්ෂණවලට සහය වන ලෙස එවකට ඇමතිවරයෙකු වූ කබීර් හෂීම් තමාට දැනුම් දුන් බව ද ඔහු කොමිසමට අද ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, පසුගිය වසරේ මාර්තු මස 8 වන දින රාත්‍රියේ නිවසේ සිටියදී කිසියම් පුද්ගලයෙකු විසින් තමාට වෙඩි තැබූ බවයි හිටපු අමාත්‍ය කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ මොහොමඞ් රාසික් මොහොමඩ් තස්ලිම් අද කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.

under the courtesy of gossip.hirufm.lk news web