Saturday, February 1, 2020

වූහාන් සිට දිවයිනට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් පිරිස දියතලාවට රැගෙන යයි - Video

චීනයේ - වූහාන් නගරයේ සිරවී සිට අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා කදවුරේ පිහිටා ඇති රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.
මෙම සිසුන් අද පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1423 දරණ විශේෂ යානයෙන්. එහි කාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විතයි.

පසුව යුද හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරමින් එම සිසුන් ගුවන් තොටුපළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කළා.

අනතුරුව ඔවුන් වුහාන්වල සිට හැඳ පැමිණි සියලූම ඇඳුම් ගුවන් තොටුපළේදී විනාශ කිරිමට කටයුතු කළ අතර, ඔවුන් සියලූම දෙනාට වෙනත් ඇඳුම් ලබාදී තිබෙනවා.

සිසුන් රැගෙන යාමට පැමිණි යුද හමුදා නිළධාරීන් ඇතුළු සියලූම දෙනා විශේෂ ආරක්ෂිත ඇඳුමකින් සැරසී සිටියා.

අදාළ බස් රථය ඉන් පසුවයි යුද හමුදා ආරක්ෂාව මධ්‍යයේ දියතලාව යුද හමුදා කදවුර වෙත රැගෙන යාමට කටයුතු කෙරුණේ.

පෙරවරු 11.30ට පමණ සිසුන් රැගත් අදාළ බස් රථය දියතලාව යුද හමුදා කදවුර වෙත රැගෙන එනු ලැබුවේ යුද හමුදාවේ රසායනික න්‍යෂ්ටික ජීව විද්‍යාත්මක සහ විකිරණීශීලී ප්‍රතිචාර බලගණය විසින්.

දියතලාව රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන වූහාන් සිටි සිසුන් 33 දෙනාට එහි සියලූම පහසුකම් සපුරා ඇති බව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

දින 14ක කාලයක් එම සිසුන් රදවාගෙන අදාළ පූර්ව නිරෝධායන කටයුතුවල නියැලීමෙන් අනතුරුව ඔවුන් මුදා හැරීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර, කොරෝනා වෛරසය වැලදී ඇති බවට සැක සහිතව අයි.ඩී.එච්. රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් 20 දෙනෙකුට වැඩි පිරිසකගේ සාම්පල වෛද්‍ය පරීක්ෂණ ආයතනය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහෙත් දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාව හැරුණු විට ඔවුන්ගෙන් කිසිවෙකුට මේ දක්වා වෛරසය ආසාදනය වී නොමැති බවයි බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ.

මේ අතර, බස් රථ සහ දුම්රියෙන් ගමන් ගන්නා මගී ජනතාවට කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය පාලනය සහ ආසාදිතයන්ට ප්‍රතිකාර සිදුකරන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට සෞඛ්‍ය අමාත්‍යවරියගේ මැදිහත්වීමෙන් රුපියල් මිලියන 60ක ආරක්ෂිත මෙවලම් ලබාදී ඇති බව සඳහන්.

එම ආරක්ෂිත මෙවලම් රෝහල් 12කට බෙදා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka