Friday, February 28, 2020

උණට බෙහෙත් ගන්න රෝහලට ගිය නාවලපිටියේ තිදරු මවකට අත්වූ කණගාටුදායක ඉරණම - Video

ඖෂධයක් මාරුවීම නිසා මේ දේ වුණා කියලා වෛද්‍යවරු කතාවුණා..
ම් අතෙහි මහපට ඇඟිල්ල පමණයි ක්‍රියාත්මක වෙන්නෙ..

උණ සහ උදරයේ ආබාධයකට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තිදරු මවකගේ දෙඅත් ආබාධයකට ලක්වීම පිළිබඳ ඇයගේ දරුවන් චෝදනා කරනවා.

ඇයගේ දෙඅත්වල මැණික් කටුවට පහලින් පිලිස්සුනු ආකාරයෙන් කළු පැහැ ගැන්වී වම් අතෙහි මහපට ඇගිල්ල පමණක් ක්‍රියා කරන බවයි දරුවන් පවසන්නේ.

මෙලෙස ආබාධයට ලක්වී ඇත්තේ නාවලපිටිය සොලකන්දේ පදිංචි 62 හැවිරිදි තිදරු මවක්.

ඇය ප්‍රකාශකර ඇත්තේ තමන් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සහායිකාවක් වශයෙන් සේවය කරමින් සිටියදී පසුගිය ජනවාරි මස 15 වනදා උණ සහ උදරයේ ආබාධයක් හේතුවෙන් සීදූව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කෙරුනු බවයි.

පසුව සීදූව රෝහලෙන් රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර දින 17ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව ද ඇය පවසනවා.

දින 3කට පසු තමන්ට සිහිය පැමිණි විට තමන්ගේ දෙඅත් මැණික් කටුවෙන් පහළට දැඩිව කළු පැහැ ගැන්වී අප්‍රාණික වී තිබු බවයි ඇය සඳහන් කර ඇත්තේ.

පසුව එම රෝහලේ මෙම මස 2 වනදා දක්වා ප්‍රතිකාර ලබමින් සිටියදී තම පුත්‍රයා කළ ඉල්ලීමක් මත පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර කර එවු බව ද මෙම තිදරු මව ප්‍රකාශ කරනවා.

පේරාදෙණිය රෝහලේදී වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණ තමන්ව පරීක්ෂා කළ අතර රාගම රෝහලේදී ඖෂධයක් මාරුවීම හේතුවෙන් මෙවැනි තත්වයක් උදාවී ඇතැයි වෛද්‍යවරුන් කතාබහ කරනු තමන්ට ඇසුනු බව ද ඇය සඳහන් කළා.

දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වන තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙසට සහ දෙඅත් සුවකර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙසටයි මෙම මව ඉල්ලා සිටින්නේ.

under the courtesy of gossip.hirufm.lk news web 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka