ඔහු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ පුත‍්‍රයෙක්
කොළඹ කොටුවේ ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ සිවු වන
මහලේ සිට බිමට ඇද වැටීමෙන් තරුණයෙකු මිය ගොස් තිබේ.
ඔහු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ පුත‍්‍රයෙකු බව වාර්තා වෙයි.
ඔහු බිමට ඇද වැටුණා ද පුද්ගලික කාරණාවක් මත බිමට පැන්නාදැයි පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය සඳහන් කරයි.
මියගිය 16 හැවිරිදි දරුවා මරණයට පෙර යැවූ කෙටි පණිවිඩයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
13 වන මහලින් පැනීමට පෙර ඔහු මහ බැංකුවෙම සේවය කරන ඉහළම නිලධාරියෙකු වන තම පියාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් යවමින් සඳහන් කර ඇත්තේ ‘සොරි ‘ යනුවෙනුයි.
ඊයේ (25) සවස 3.00 ට පමණ මෙම මරණය සිදු වුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය විමර්ශන සිදුකරනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිසිය විමර්ශන සිදුකරනවා.