Thursday, February 6, 2020

"ඒ වීඩියෝ එක තිබුණේ අපි තුන් දෙනෙක් ළග විතරයි.." - අන්තර්ජාලයේ සැරිසරන වීඩියෝව ගැන වොල්ගාගේ පෙම්වතා කියයි

සුගියදා අන්තර්ජාලයේ පැතිරුණ වීඩියෝවක් නිසාම ජනප්‍රිය නිළියකට මඩ ප්‍රහාරයක් එල්ල වූ බව රහසක් නෙමෙයි. මේ වීඩියෝ කතාවේ ඇත්ත නැත්ත සොයා දැන ගැනීම ජනප්‍රිය නිළි වොල්ගා
කල්පනීගේ පෙම්වතා වන නව පරපුරේ ගායන ශිල්පී බිනොෂ් පීරිස්ට කතා කළා. මේ ඔහු මාධ්‍යයට පළමුවරට කළ හෙළිදරව්වයි.

මොකක්ද මේ අන්තර්ජාලයේ පැතිරුණු වීඩියෝ කතාව?
ඔය දේ මට ප්‍රශ්නයක් නැහැ. නමුත් වොල්ගා කල්පනීට මඩ ගැහිල්ලක් විදියට කවුරු හරි කරපු දෙයක් තමයි ඔය. ‘අවලංගු කාසිය’ මගේ ගීතයට අපි රූප රචනා සිදුකළා. එහිදී ගත්ත වීඩියෝ කිහිපයක් පසුව අනවශ්‍ය නිසා අපි ඇතුළත් කළේ නැහැ. අවශ්‍ය වෙයි කියලා තමයි අපි එය ගත්තේ. ඔය වීඩියෝ පට තිබුණේ මමත්, වොල්ගා කල්පනී ළඟත්, තවත් කෙනෙක් ළඟත් පමණයි. ඉතින් අපි තුන්දෙනා ඒවා සුරක්ෂිතව තියා ගත්තා කාටවත් බලන්න බැරි විදියට.

එහෙනම් කොහොමද එළියට ගියේ?
අපි තුන්දෙනාට තුන්දෙනා විශ්වාසයි. නමුත් මට හිතෙන්නේ මගේ හෝ වොල්ගාගේ ෆේස්බුක් හැක් කරලා ගත්තා වෙන්න පුළුවන්.

ඔය දෙදෙනාගේ ආදර කතාවට කවුද අකුල් හෙළන්නේ?
එහෙම තරහකාරයෝ අපිට නැහැ. මම ආදරය ගැන මේ වෙලාවේ කතා කරන්න කැමැති නැහැ. මේ වෙලාවේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් වොල්ගාට ඇතිවුණ ප්‍රශ්නය නිසා මටත් අවුල්.

අද ගොඩදෙනෙක් ජනප්‍රියතාව වෙනුවෙන් ගොසිප් මවනවා. ‘අවලංගු කාසියටත්’ එහෙම වුණාද?

අවලංගු කාසිය ජනප්‍රිය කරන්න අපට කිසිම උවමනාවක් නැහැ ගොසිප් මවලා. එහෙම ජනප්‍රිය කරන්න ඕන නම් ඔයදේ මගේ නම යොදාගෙන කරන්නේ. මෙය මඩ ප්‍රහාරයක් විදියට තව කෙනෙක් වොල්ගාට කරපු වැඩක්.

‘අවලංගු කාසියට’ ජනප්‍රිය නිළි වොල්ගා කල්පනී ඔබේ පෙම්වතියම ගැනීමට විශේෂ හේතුව?

ඇයව මම අවලංගු කාසියට ගත්තේ මගේ පෙම්වතිය නිසා නෙමේ. ඇය මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන මේ ක්ෂේත්‍රයේ ජනප්‍රිය ශිල්පීන් කතා වෙනවා මගේ කනට ඇහිලා තියෙනවා. ඒ වගේම ඇය මගේ පෙම්වතිය වෙන්න කලින් ඇයගේ හොඳ රසිකයෙක් මම. ඇයගේ රඟපෑමට මම ගොඩක් කැමැතියි. ඒ නිසා මම ඇයව සම්බන්ධ කරගත්තා. මගේ පෙම්වතිය විදියට වොල්ගාව සම්බන්ධ කරගත්ත නිර්මාණයක් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.

මේ දවස්වල ඔබගේ කලා කටයුතු කොහොමද?
කලා ක්ෂේත්‍රයේ ගායන ශිල්පියකු ලෙස පූර්ණකාලීනව මම වැඩකටයුතු කරගෙන යනවා. ඒ අතර අපේ සංගීත කණ්ඩායමේ පියානෝ වාදක ශිල්පියකු ලෙසටත්, ගායන ශිල්පියකු ලෙසටත් කටයුතු කරගෙන යනවා.

වසන්ත විතාරණගේ

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka