Saturday, February 8, 2020

මව්වරු වඳකළා යැයි චෝදනා ලැබූ දොස්තර සාෆිගේ නිවසේ CCTV මකා දමලා? CIDය අධිකරණයට කියයි - Video

ව්වරුන් වන්ද්‍යාකරණයට ලක් කිරීමේ චෝදනා එල්ල වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ නිවසේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන මකා දමා ඇති බැවින් ඒවා යළි ලබාගැනීම සඳහා රජයේ රස
පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඒ, වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහි නඩුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය නඩුවාරයේදී හෙළිදරව් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ නිවසේ CCTV දර්ශන අඩංගු දත්ත රදවනය අධිකරණයේ නිසි අවසරයකින් තොරව විත්තිකාර පාර්ශවය අතට පත්කර ඇති බවයි.

ඒ අනුව පසුගිය ජනවාරි 16 වනදා විත්තිකාර පාර්ශවයට අධිකරණය නියෝග කළේ එම දත්ත රදවනය ජනවාරි 20 වනදාට පෙර යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසයි.

ඒ අනුව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මෙම CCTV දත්ත රඳවනය යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇතත් එහි පටිගතව තිබූ දර්ශන කිසිවක් එය තුළ නොමැති බවට අද එම දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව දැනට සේවය අත්හිටුවා ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන්ගේ නිවසේ සවිකර තිබූ CCTV දත්ත රඳවනයේ මකා දමා තිබූ දර්ශන යළි ලබාගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළා. 

under the courtesy of gossip.hirufm.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka