මන්ත්රී වරුන් දෙදෙනා කියා සිටියේ චක‍්‍රලේඛ නොතකා අදාල කටයුත්ත සිදු කරන ලෙසයි
බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී තමන් බලය පෙන්වීමක් සිදුනොකළ අතර, මානුෂීය හේතූන් මත කටයුතු කරන ලෙසට විදුහල්පතිවරයාට දැනුම් දුන් බව මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පවසනවා.
ඊයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අතරතුර දී පාසලකට දරුවෙකු ඇතුළු කිරීමක් සම්බන්ධයෙන් විදුහල්පතිවරයෙකු සහ රාජ්‍ය අමාත්‍යවරයා අතර ඇති වන උණුසුම් තත්ත්වයකට අදාළ
වීඩියෝ දර්ශනයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
ගාල්ල - වදුරඹ විද්‍යාලය අසළ පදිංචි දරුවෙකු එම පාසලට ඇතුළත් කර නොගැනීම සම්බන්ධයෙනුයි ඊයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී කතාබහට ලක්වී ඇත්තේ.
එහිදී වදුරඹ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වාට ප්‍රකාශ කළේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් චක්‍රලේඛවලට පටහැනිව කිසිදු දරුවෙකු පාසලට ඇතුළත් කළ නොහැකි බවයි.
එම අවස්ථාවේදී ප්‍රදේශයේ තවත් විදුහලක විදුහල්පතිනියක් ඒ පිළිබදව කරුණු දැක්වීමට උත්සාහ කිරීමත් සමඟ, රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ එම අවස්ථාවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ද ඊට මැදිහත් වුණා.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ නිලධාරිනියක් අතර කඩොලාන සංරක්ෂණය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් ද මීට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර, සමාජය තුළ එය බෙහෙවින් කතාබහට ලක්වුණා.

under the courtesy of news 1st.lk news web