Thursday, February 6, 2020

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් දස ලක්ෂ හැටතුන්දහසක් බීමට ඇබ්බැහිවූවන් බව හෙළිවෙයි

මෙරට ජනගහනයෙන් දශලක්ෂයට වැඩි පිරිසක් (1063383) දිනපතා මධ්‍යසාර භාවිත කරන බව මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබද ජාතික සමීක්ෂණයෙන් අනාවරණය වී ති‌බේ.
තිස් ලක්ෂ තිස් පන්දහස් එකසිය හතළිස් තුන් දෙනෙකු(3035143) අනිවාර්යයෙන්ම මධ්‍යසාර භාවිත කරන බවද, ඉන් තිස්ලක්ෂ දහහතර දහස් පන්සිය පනස් හතක් පිරිමි න්ද, විසිදහස් පන්සිය අසූ හය දෙනක් කාන්තාවන් වන බවද , ඉන් හෙළිවී ඇත.

මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ 2019 ජාතික සමීක්ෂණය , අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ‍්‍රී ලංකා පොලීසිය එක්ව සිදුකර ඇත.

වයස අවුරුදු දහඅටට අඩු වයස් කාණ්ඩයේ පිරිමි එක් ලක්ෂ විසි එක්දහස් එකසිය හැත්තෑ (121170) දෙනෙකුත් එම වයස් කාණ්ඩයේ තරුණියන් නවසිය හය (906) දෙනෙකුත් මධ්‍යසාර භාවිතයට යොමුව සිටින බව සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

අවුරුදු දහඅට වයස් සීමාව ඉක්මවූ පිරිස අතරින් මධ්‍යසාර භාවිත කරන පුරුෂයින් සංඛ්‍යාව විසිඅට ලක්ෂ අනූ තුන් දහස් තුන්සිය අසූ හත (2893387) ක්ද කාන්තාවන් සංඛ්‍යාව දහනව දහස් අටසිය අසූව (19880) ක්ද වෙති.

මෙම වාර්තාවට අනුව මධ්‍යම පළාතේ 445029 දෙනෙකු මධ්‍යසාර භාවිතයට යොමුව තිබේ. ඉන් 442529 ක් පිරිමි වන අතර කාන්තාවන් සංඛ්‍යාව 2500 කි.

මහනුවර,මාතලේ හා නුවරඑළිය දිස්ත‍්‍රික්ක වල පිරිමි පිළිවෙළින් 193654 ක් 82800 ක් හා 166075 ක් මත්පැන් පානය කරන බව හෙළිව තිබේ. එම දිස්ත‍්‍රික්ක තුනේ කාන්තාවන් මත්පැන් පානයට යොමුව ඇති සංඛ්‍යා 812 ක් 332 ක් හා 1410 ක් ලෙස දක්වා ඇත.

සමන්තී වීරසේකර

 under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka