Wednesday, February 12, 2020

බිරිඳට පහර දුන් චන්ඩි සැමියා පොලිසියට බයේ එල්ලී මැරිලා

හැන්දෑවට බීගෙන ඇවිත් නිතර නිතර රණ්ඩුකරනවා. 
දරුවන් තිදෙනකුගේ පියෙක්
මියගොස් සිටින මගේ පුරුෂයා හැන්දෑවට බීගෙන ඇවිත් නිතර නිතර රණ්ඩු කරනවා. කඩවලින් බඩු ගත්තු ඒවාට මුදල් ගෙවන්න සල්ලි ඉල්ලූවාම මට ඉකුත් 5 දා පහර දුන්නා. පසුව දරුවන් තුන්දෙනාත් එක්ක මම අම්මලාගෙ ගෙදර ගියා. ඉන්පසු එහි පැමිණ මට බැන්නා. මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. එය විභාග කරන්නට පොලිසියෙන් එන විට පුරුෂයා ගෙදරින් මගහැර සිටියා. පසුව 10 දා පොලිසියට එන්න ඔහුට ලිපියකින් දන්වා තිබුණා. නමුත් ඊට පෙර 08 දා පෙර ළමයාගේ

ඇඳුම් වගයක් ගේන්න මම ගෙරදට ගියා. එවිට මට නවතින්න කීවා. මම ඊට කැමැති වුණේ නැහැ.
නමුත් පසු දින (09 දා) උදෑසන දැනගන්නට ලැබුණා. මොහු නිවසේ පරාලයක එල්ලී සිටිනවා කියා. මා හිතනවා පොලිසියට යන්න බියෙන් සිය දිවි නසාගන්න ඇතැයි කියා.

බළන්ගොඩ දෙහිගස්තලාව බැංකියවත්ත ප‍්‍රදේශයේදී ගෙල වැලලාගෙන මියගිය ජී. රංජිත් කුමාර (32) නමැති තිදරු පියාගේ මරණය පිළිබඳව බළන්ගොඩ රෝහලේ පැවති පරීක්‍ෂණයේදී ඔහුගේ බිරිඳ වූ ඒ. පී. සීදේවි (27) නමැති අය විසින් සාක්‍ෂි දෙමින් ඉහත ප‍්‍රකාශය කළාය.

මොවුන්ට අවුරුදු හතක පිරිමි දරුවකු සහ අවුරුදු පහ සහ අවුරුදු දෙකහමාර පමණ වයසේ දරුවන් තිදෙනකු සිටින බවද අනාවරණය විය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය බළන්ගොඩ මූලික රෝහලේ වෛ නීති වෛ නිලධාරි බී. එන්. ගුණවර්ධන මහත්මිය විසින් සිදු කළ අතර සාක්‍ෂි මෙහෙයවීම පො.සැ. (33960) ජයවර්ධන මහතා විසින් සිදු කළේය.

මෙය ගෙල වැලලා ගැනීමෙන් සිදුකරගත් සිය දිවි නසාගැනීමක් බවට බළන්ගොඩ හදිසි මරණ පරීක්‍ෂක එම්. ජී. පද්මේන්ද්‍ර විජයතිලක මහතා තීන්දු කළේ ලද සාක්‍ෂි හා වෛi වාර්තා පදනම් කරගෙනය.

බළන්ගොඩ - එන්. එච්. පියසේන

 under the courtesy of divaina.com news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka