Friday, February 28, 2020

ලොව කිසිදු රටක් කොරෝනා වෛරසයෙන් ගැලවී නැහැ - ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ ධනවත් රටවල් වුවද කොරෝනා වෛරසයේ අනපේක්ෂිත පැතිරීමකට මුහුණදීම සඳහා සූදානම් විය යුතු බවයි.
 
ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නොමැති අතර, කිසියම් රටක් එසේ සිතා සිටින්නේ නම් එය මාරාන්තික අත්වැරැද්දක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්රෙයිසස් අනතුරු අගවනවා.

ඔහු මේ බව කියා සිටියේ කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් ලොව පුරා වාර්තා වන අතරතුරයි. එමෙන්ම, මේ වන විට චීනයෙන් පිටත නව ආසාදිත සංඛ්‍යාව චීනයේ නව ආසාදිතයන්
සංඛ්‍යාව අභිබවා යාම ද විශේෂත්වයක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ ධනවත් රටවල් වුවද කොරෝනා වෛරසයේ අනපේක්ෂිත පැතිරීමකට මුහුණදීම සඳහා සූදානම් විය යුතු බවයි.

ඔහු මේ බව කියා සිටියේ ඉතාලියේ දැන් මතු වී ඇති තත්ත්වය පිළිබදව සදහන් කරමින්.

එරට කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව මේ වන විට 17 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිත සංඛ්‍යාව ද 650 ඉක්මවා තිබෙනවා.

කොරෝනා වෛරස් අවදානම ඉතාලියේ ජන ජීවිතය අඩාල කර ඇති අතර, වෛද්‍ය සැපයුම් එක්රැස් කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම එරට පාසල් වසා දැමීමට හා ප්‍රධාන පෙළේ පාපන්දු තරඟ ඇතුළු ජනතාව ගැවසෙන උත්සව අවලංගු කිරීමට ද කටයුතු කර ඇති බව සඳහන්.

මේ අතර, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද රෝමයේ අද සැලසුම් කර තිබූ දේව මෙහෙයන් අවලංගු කර ඇති අතර, වතිකානුව නිවේදනය කළේ 83 හැවිරිදි පාප් වහන්සේ සුළු කායික අපහසුතාවකට ලක්ව සිටින අතර ඔහු වතිකානු පුරවරයේ තවදුරටත් රැදී සිටින බවයි.

අළු බදාදා දිනයේ වතිකානුවේ පැවති දේව මෙහෙයේදී පාප් වහන්සේ බැතිමතුන්ට අතිනත දී ආශිර්වාද කළ අතර, වතිකානු රදගුරුවරුන් බැතිමතුන් වැළඳ ආශිර්වාද කිරීමෙන් වැලකී සිටි බව සඳහන්.

මේ අතර, ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 82,688 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 2814ක් ලෙසයි සටහන් වන්නේ. ඉන් මරණ 2744ක් චීනයේ වාර්තා වන අතර, ඉරානයෙන් 26ක් වාර්තා වුණා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka