එහෙයින් යුක්තිය හා සාධාරණය ඉටුවීම ජනතාවගේ ඇස් පනාපිට සිදු විය යුත්තක් බව මහෙස්ත්‍රාත්වරයා මේ අවස්ථාවේ පවසා තිබෙනවා.
සීමාවාසික වෛද්‍ය ශිෂ්‍යාවක බස් රථයක් තුළදී සමූහ දූෂණයට ලක් කර, දෙවැනුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතියෙන් වරදකරුවන් වූ සිවු දෙනා මාර්තු 3දා උදෑසන 6.00ට එල්ලා මැරීමේ තීන්දුව
අතිරේක මහේස්ත්‍රාත් ධර්මේන්ද්‍ර රානා විසින් පතියාලා ඉන්දියානු අධිකරණයේ දී නැවතත් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම මරණ දඬුවම පළමුවෙන් ජනවාරි 22 දිනට නියම කරනු ලැබ, පසුව පෙබරවාරි 1දා දක්වා කල් තබනු ලැබුවද ක්‍රියාත්මක වූයේ නැහැ.
එකී දඬුවම ක්‍රියාත්මක කිරීම විවිධ හේතු මත දෙවරක් කල් තබනු ලැබීම කෙරෙහි ජනතාව අප්‍රසාදය පළ කර තිබුණා.
එහෙයින් යුක්තිය හා සාධාරණය ඉටුවීම ජනතාවගේ ඇස් පනාපිට සිදු විය යුත්තක් බව මහෙස්ත්‍රාත්වරයා මේ අවස්ථාවේ පවසා තිබෙනවා.
මේ වනවිට මරණීය දණ්ඩනයට නියමිතව තිහාර් බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින විනායි ෂර්මා නමැති සැකකරු මාරාන්තික උපවාසයක යෙදී සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා විසින් මෙම අවස්ථාවේ අධිකරණය වෙත දැනුම් දෙනු ලැබුවා.
බන්ධනාගාරය තුළදී යම් පිරිසක් ඔහුට පහරදී ඇති බවත්, ඉන් ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති බවත් වැඩිදුරටත් පැවසූ නීතිඥයා, දිගු කලක සිට මානසික රෝගයකින් පෙළෙන ඔහු හට මරණීය දණ්ඩනය පැනවීම යුක්තිසහගත නොවන බවට තර්ක කර තිබෙනවා.
නිර්භයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ජේයා්ති සිං, 2012 දෙසැම්බර් 16 වැනිදා දකුණු දිල්ලියේදී මෙම අපරාධයට ගොදුරු වන විට 23 හැවිරිදි වියේ පසුවූවාය. මුකේෂ් කුමාර් සිං (32), පවන් ගුප්තා (25), විනායි කුමාර් ෂර්මා (26) සහ ආක්ෂේ කුමාර් (31) යන සිවු දෙනා ඒ වෙනුවෙන් මරණීය දණ්ඩනය ලැබීමට නියමිතව සිටිනවා.