නව හැවිරිදි දැරියකට කෲර ලෙස වධහිංසා කරමින් පහරදුන් දැරියගේ පියා සහ කුඩම්මා පෙරේදා (01 දා) ඉමදූව, කෝදාගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බැව් ඉමදුව පොලිසිය පැවසීය.
මෙකී දැරියගේ පියා රියැදුරකු ලෙස රැුකියාව කරන අතර ඔහු රැුකියාවට යනවිටදී දැරිය නිවසේ ගැටගසා යන බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. දැරිය තමන්ගේ දත් රිදෙන බව කී විට අඬුවකින් දැරියගේ දත් දෙකක් ගලවා ඇති බවද පොලිසිය පැවසීය. දැරියගේ සිරුරට උණුවතුර දමා ඇති අතර කුඩම්මා විසින් ඇයට වේවැලකින්ද පහරදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.දැරියට ඇයගේ පියා සහ කුඩම්මා අමානුෂික ලෙස වධ හිංසාකොට ඇති අතර දැරිය මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවේ. කෝදාගොඩ ප‍්‍රදේශයේ කුලී නිවසක සිටියදී පියා සහ කුඩම්මා අත්අඩංගුවට ගෙන ඇත. දැරිය වධ හිංසාවලට ලක්වන බව දැනගෙන ඇති ඇයගේ ආත්තම්මා ඇය රැුගෙන යෑමට පැමිණ තිබේ. පසුව දැරියගේ පියා විසින් දැරිය කෝදාගොඩ 22 කණුව ප‍්‍රදේශයේ දමාගොස් සිටියදී පොලිසිය විසින් දැරිය රෝහල්ගත කොට ඇත.
මෙකී දැරියගේ මව මීට වසර 05 කට පමණ ඉහතදී දැරියත් සමග වෙනත් පුරුෂයකු සමග ගොස් තිබේ. පසුව එම පුරුෂයාගෙන්ද ඇයට දරුවකු ලැබී ඇත. පසුව ඇය දරු දෙදෙනා හා එම පුරුෂයාද දමා තවත් පුරුෂයකු සමග ගොස් ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. පසුව ඌරුබොක්ක පොලිසිය මගින් මෙකී දැරියගේ පියා වන සැකකරු ගෙන්වා දැරිය ඔහුට භාරදී ඇත. සැකකාර පියා ඉමදූව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඒ වනවිට ඔහු වෙනත් කාන්තාවක් සමග විවාහ වී සිටින අතර ඇයට දාව දරුවකු සිටින බවද පොලිසිය පැවසීය.
දැරිය පියා ළඟ සිට ඇති අතර එහිදී මෙකී දැරිය දැඩි කෲර වධහිංසාවලට ලක්කොට ඇති බව පොලිසිය පැවසීය.
ඉමදූව පොලිස් ස්ථානාධිපති උපුල් කුමාර, පො.සැ. (6115) කරුණාදාස, පො.කො. (89466) චාමර යන නිලධාරින් හා කා.පො.සැ. (5326) මල්කාන්ති යන නිලධාරිනිය විසින් සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබීය.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
under the courtesy of divaina.com news web