තම දියණියන් දෙදෙනකු ගණිකා වෘත්තියේ යෙද වූවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය මගින් මව සහ දියණියන් දෙදෙනකු පෙරේදා (01 දා) අත්අඩංගුවට ගෙන නාවලපිටිය දිසා
අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් අමිල ප‍්‍රසාද් සුමනපාල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර මව සහ දියණියන් දෙදෙනා 5 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඔවුන් භාරයේ සිටි බාල වයස්කාර දියණියන් දෙදෙනකු පරිවාස භාරයේ තැබීමට මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
මව විසින් 29 හැවිරිදි එක්දරු දියණිය සහ අවුරුදු 24 ක් වයසැති ගැබ්ගෙන සිටි දියණියක් ගණිකා වෘත්තියේ යොදවන බවට නාවලපිටිය පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිසියේ නිලධාරින් විසින් උපාය දූතයකු යොදවා මව සහ දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකාර මව විසින් කාලයක් තිස්සේ පවුලේ තිබෙන ආර්ථික අපහසුතා පිරිමසා ගැනීමට මෙම ජාවාරම සිදුකර ඇති බව පොලිසිය විසින් කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකාරිනියන්ගේ සැමියන් ඔවුන් අත්හැර ගොස් ඇති බවද නාවලපිටිය පොලිසිය පැවසීය.
නුවරඑළිය - නාලක රත්නායක සහ ගම්පොළ - සුරංග දිල්හාන්

under the courtesy of divaina.com news web