Tuesday, February 25, 2020

"චෝදනා කරන කෙනා දිගටම මගෙන් ඉල්ලන් කනවා නම් ඇගේ නිරුවත් හා ලිංගික ඡායාරූප මං එළියට දානවා" - ප්‍රියාන් මැණික් පරල වෙයි

රහස් ප්‍රදේශ හා අවයව විමර්ශනය කෙරෙන ඕනෑම ආයතනයකට පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමට සූදානම්

දැරියක අපයෝජනයට ලක් කළැයි සඳහන් වීඩියෝවේ සිටින්නේ තමා නොවන බවත් එය ඔප්පු කිරීමට
තමාගේ රහස් ප්‍රදේශ හා අවයව විමර්ශනය කෙරෙන ඕනෑම ආයතනයකට පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් වීමට සූදානම් බවත් ව්‍යාපාරික ප්‍රියාන් මැණික් නමැත්තා ඊයේ (24දා) කොළඹ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.

එම වීඩියෝවේ සිටින්නේ තමා යැයි කවුරුන් හෝ ඔප්පු කළහොත් තත්පර තිහක් ඇතුළත රුපියල් කෝටි සියයක චෙක්පතක් අදාළ පුද්ගලයාට ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

තවද මෙවන් කුඩා දැරියන් අපයෝජනය කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර එබඳු අවශ්‍යතාවක් ඇත්නම් ලොව සුරූපීම කාන්තාවන් තම යහන වටා තබාගත හැකි තරමට ධනස්කන්ධයක් තමන්ට ඇති බවත් හෙතෙම කීය.

ඔහු පැවැසුවේ විවිධ පාර්ශ්ව නඟන චෝදනා අනුව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, පොලිසියට හෝ එවන් ආයතනයකට පගාව ලබාදී නොමැති අතර දේශපාලනයටද පැමිණීමට කිසිදු අදහසක් නොමැති බවය.

මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අදාළ වීඩියෝව මාධ්‍යයට මුදාහැරීමට සංවිධානය කළ මාධ්‍ය හමුවක් ඊයේ (24දා) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර ඊට සහභාගි වී අදහස් පළ කිරීමට අවශ්‍ය බව පවසා මෙම ව්‍යාපාරිකයා විසින් මෙසේ කරුණු දක්වනු ලැබිණි.

ඔහු විසින් මෙසේ කීය.

“ශමිලා ලියනආරච්චි කියන, මට චෝදනා කරන කෙනා කියනවා මම සී.අයි.ඩී. යට ඇයි මාව ගන්නෙ නැත්තෙ කියලා. CID දිවැස් නෑ. ඍද්ධි බලය නෑ. ඒ මිනිස්සුන් විමර්ශනය කරන්න ඕනෑ. මගෙ ගෙදරට ඇවිත් මගෙන් කටඋත්තරයක් ගත්තා. ලිඛිත ප්‍රකාශයකුත් ගත්තා.

හරි තොරතුරකට ඒ අය එන්න ඕනෑ. මොකද මේක හැංගිච්ච යට වුණු දෙයක්. හොයන එක අමාරුයි. පරීක්ෂණ කරගෙන යනවා.

අනෙක් චෝදනාව පෙරේදා සී.අයි.ඩී.ය මගේ ගෙදරට ඇවිත් මගෙන් පගාව ගත්තා කිව්වා. සී.අයි.ඩී.යේ එච්චර මන්දබුද්ධිකයෝ නෑ. හිඟන්නු නෑ. රටේ කිසිම කෙනකුට මම පගාව දෙන්නෙත් නෑ. මොකද මං වැරැදි කරලා නෑ. පින් දහම් කරන්න උදවු කරනවා මිසක් බයත් නෑ මං කිසි කෙනකුට. ඒ වගේම මැරෙන මොහොතටවත් මං දේශපාලනයට එන්නෙත් නෑ. දේශපාලනඥයන්ට වඩා වැඩ කොටසක් මං කරලා තියෙනවා.

මම ශමිලා ලියනආරච්චිටයි, ජීවන් ප්‍රසාද්ටයි අභියෝග කරනවා පුළුවන් නම් ඔය වීඩියෝපටයේ ඉන්නේ ප්‍රියාන් මැණික් කියලා ඔප්පු කරන්න. තත්පර 30ක් තුළ කෝටි සියයක තෑග්ගක් දෙනවා.

ශමිලා ලියනආරච්චි එනම් මට චෝදනා කරන කෙනා දිගටම මගෙන් ඉල්ලන් කනවා නම් ඇගේ නිරුවත් හා ලිංගික ඡායාරූප මං එළියට දානවා. මේ අයට කොන්දක් නෑ. හොර මුහුණුපොත්වලින් මඩ ගහනවා. ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ. ජනප්‍රිය වෙන්න වීරයන් වෙන්න කතා කළාට රටට කිසිවක් කරලා නෑ. නන්දිමාල් කියලා පුද්ගලයකුත් ඒ අතර ඉන්නවා. ලක්ෂ 63,000ක් මේ රටේ දනට _ පිනට මං වැයකර තියෙනවා. කිස ිදෙයක් මම නීතියට පිටින් කරලා නෑ. හරියට ඔප්පු නොකළොත් ප්‍රියාන් මැණික් දකුණෙ කෙනෙක් කියලත් මං ඔප්පු කරනවා.”

අනුරාධා හේරත්

under the courtesy of mawbima.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka