Monday, February 10, 2020

කොරෝනා වෛරසය ගැන මුළින්ම ලොවට හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් එක් අයෙක් අබිරහස් ලෙස අතුරුදහන් වෙයි

චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවර මාරක වයිරසයක් පැතිර යන බවත්, එය වේගයෙන් පැතිරෙනු ඇති බවත් පළමුවෙන් ලොවට අනතුරු ඇඟවූ චීන මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් කෙනකු අතුරුදන් බව
චීන මාධ්‍ය වාර්තා කළේය.

සමාජ මාධ්‍ය යොදා ගනිමින් නව වයිරසය ගැන ලොවට පළමුවෙන් අනාවරණය කළේ චෙන් කියුෂී සහ පැෆ්ග් බින් දෙදෙනාය. මොවුන් දෙදෙනා වූහාන් නුවර පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනකි. අතුරුදන් බව පැවැසෙන්නේ චෙන් කියුෂී ය.

වයිරසය සම්බන්ධයෙන් පළමුවෙන්ම වූහාන් වැසියන්ටත්, වූහාන් නුවර පිහිටි හුබෙයි පළාතේ සෞඛ්‍ය බලධාරීන්ටත් අනතුරු ඇඟවූයේ අක්ෂි වෛද්‍යවරයෙකි. ඔහු ලී වෙංලියැං ය. පසුගිය 7 වැනිදා වෛද්‍ය ලී වෙංලියැං මියගියේය. ඒ, ඔහුට ද වයිරසය ආසාදනය වීමෙනි.

වෛද්‍ය ලී වෙංලියැං, වයිරසය ගැන පළමුවෙන් අනතුරු ඇඟවූයේ පසුගිය දෙසැම්බර් මාසයේය. ඒ වනවිට එය වූහාන් නුවර පැතිරෙන්න පටන් ගෙන නොතිබුණි. කෙසේ නමුත් බලධාරීන් ඔහුට කන් නොදුන් අතර, ජනතාව බොරුවට බය කරනවා යැයි චෝදනා එල්ල කළේය. වෛද්‍යවරයා පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයකට පවා ලක් වූ බව පැවැසෙයි.

චෙන් කියුෂී සහ පැෆ්ග් බින් පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනා වූහාන් වයිරසය සම්බන්ධයෙන් තොරතුරු විදෙස් මාධ්‍යවලට ලබා දුන්නේ වෛද්‍ය ලී වෙංලියැං, කළ අනතුරු ඇඟවීම් නිසා යැයි ද වාර්තා වේ. 

under the courtesy of lankadeepa.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka