Monday, February 24, 2020

ඉන්දියාවේ සම්භාහන මධ්‍යස්ථානවලට ලංකාවේ කාන්තාවන් රැගෙන යන ජාවාරමක්

මෙම කාන්තාවන් ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙන විත් ඉන්දීය ජාතිකයා වෙත භාරදී තිබෙනවා

ඉන්දියාවේ සම්බාහන මධ්‍යස්ථානවල කටයුතු කිරීම සඳහා මෙරට කාන්තාවන් රැගෙන යාමේ
සංවිධානාත්මක මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඒ, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ සැක කටයුතු ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟයි.

කාන්තාවන් දෙදෙනා 30 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර සහ මාතර ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන අතර, ඔවුන් මෙරට රූපලාවන්‍යාගාරවල කටයුතු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවුණා.

ඉන්දීය කාන්තාවක් විවාහ කරගෙන සිටින ශ්‍රී ලාංකික තැරැව්කරුවෙකු විසින් මෙම කාන්තාවන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත රැගෙන විත් ඉන්දීය ජාතිකයා වෙත භාරදී තිබෙනවා.

ඔහු මෙම කාන්තාවන්ට එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇත්දැයි රුධිර සාම්පල පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
පසුව ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට ගුවන් තොටුපල පර්යන්තය වෙත පැමිණි අවස්ථාවේදී සැකකටයුතු අන්දමින් හැසිරීම හේතුවෙන් ආගමන විගමන නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් තුන්දෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙරට තුළ මෙම මිනිස් ජාවාරම සංවිධාන කරන ශ්‍රී ලාංකික තැරැව්කරු සහ ඔහුගේ සහයක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ශ්‍රී ලාංකික කාන්තාවන් විශාල සංඛ්‍යාවකගේ විදේශ ගමන් බලපත්‍ර තොගයක්ද සොයාගනු ලැබුවා.

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka