Wednesday, February 12, 2020

ලොවක් හැඬවූ කොරෝනා වෛරසයේ නම වෙනස් වෙයි අලුත් නම මෙන්න

දැනට ලංකාවේ රෝහල් වල පුද්ගලයින් 15 ක්
 

චීන ජාතික කොරෝනා ආසාදිත කාන්තාවගේ අලුත්ම තත්ත්වය මෙන්න
 
දියතලාවේ රඳවා සිටින සිසුන් සියලු දෙනා හොඳින්

ව කොරෝනා වෛරසය - කොවිඞ් - 19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා.ජිනිවා හි ඊයේ පැවති රැස්වීමකින් අනතුරුවයි ඔවුන් මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

කොරෝනා වෛරසය වැළදීමෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 1110 දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 44,200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනට පමණක් නව රෝගීන් 1638 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකපිට රෝහල් ගතවූ පුද්ගලයින් 15 දෙනෙකු
දිවයින පුරා රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මින් රෝගීන් 10 දෙනෙකු අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මීට අමතරව කොළඹ ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, ගම්පහ සහ රත්නපුර මහ රෝහල්වල එක් පුද්ගලයෙකු බැගින් ප්‍රතිකාර ලබනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ මොවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවයි.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී දැනට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන චීන ජාතික කාන්තාවගේ තත්ත්වය ද යහපත් බව එහි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළේ.

ඉදිරි දින කිහිපය තුළ ඇයට රෝහලෙන් පිටව යාමට හැකියාව පවතින බව ප්‍රකාශ කළ විශේෂඥ වෛද්‍යවරයා මෙම කාන්තාව හැරෙන්නට රෝගය වැළඳුනු කිසිදු අයෙකු මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුව නොමැති බව ද සදහන් කළා.

එමෙන්ම චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ මේ වනවිට දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් 33 දෙනාගේ සෞඛ්‍ය යහපත් බවයි වාර්තා වන්නේ.

එළඹෙන සෙනසුරාදා දිනය පමණ වනවිට එම පිරිසට ද ඔවුන්ගේ නිවෙස්වලට යැවිය හැකියාව පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් සදහන් කළේ. 


------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka