හොටෙල් හිමිකරුවකු ඇතුළු කණ්ඩායමක් විසින් ක්‍රිස්ටි විජය කුමාර මහතා ට පහර දී තිබෙනවා
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට "අමානුෂික ලෙස" පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නයි බලකරමින් අද (20) හික්කඩුව මංසන්ධියේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
රාජකාරි කටයුතුවල යෙදී සිටියදී අකුරල, ගොඩගම ප්‍රදේශයේ දී හොටෙල් හිමිකරුවකු ඇතුළු කණ්ඩායමක් විසින් ක්‍රිස්ටි විජය කුමාර මහතා ට පහර දී තිබෙන බව වාර්තා වේ.
පසුව ප්‍රතිකාර සඳහා ඔහු 17 වැනිදා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මීටියාගොඩ පොලීසියට එම පහර දීම පිළිබඳ පැමිණිලි කර ඇතත් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම ගැටළුවක් බවයි උද්ඝෝෂකයන් පවසන්නේ.
එම විරෝධතාවය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු 300 කට වැඩි පිරිසක් එක් වී සිටියහ.
ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය සේවක එකමුතුවේ සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය සහ රැකියාලාභී උපාධිධාරී සංගමය මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

under the courtesy of mawbima.lk news web