දෙමාපියන්
වශයෙන් ඔබ පොඩි දරුවන් ආරක්ෂා කරගන්න ඕනේ. අනාගත පරපුර රෝගීන් පිරිසක් බවට
පත්වුණොත් එය රටක් වශයෙන් හා ජාතියක් වශයෙන් ලොකු හානියක්.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පාසල් දරුවන්ගෙන් සියයට දොළහකට වකුගඩු රෝගය වැළඳීමේ අවදානමේ
සිටින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
සිටින බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
තලාව, හිරිගොල්ලේගම විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් මේ බව පැවසූ චන්න ජයසුමන මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
‘‘පසුගිය කාලයේ අපි අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පාසල් දරුවන් 5000 ක් යොදාගෙන වකුගඩු රෝගයේ මුල් අවධිය පිළිබඳව පරීක්ෂණයක් සිදුකළා. එහිදී අපට සොයා ගැනීමට හැකිවුණා මෙපමණ ප‍්‍රමාණයක දරුවන් වකුගඩු රෝගයේ මුල් අවධියේ සිටිනවා කියා. මෙතැන තිබෙන බරපතළම තත්ත්වය තමා මේ දරුවන්ගේ ලෙඩක් තියෙනවා කියා බැලූ බැල්මට පේන්නේ නැහැ. නමුත් ඇඟ ඇතුළේ ලෙඬේ තියෙනවා. එය සාමාන්‍ය පරීක්ෂණයකින් හඳුනාගන්න බැහැ. මුළු රජරටටම මේ ප‍්‍රශ්නය තියෙන බවක් තමා අපට දැන් පෙනෙන්නේ.
දෙමාපියන් වශයෙන් ඔබ පොඩි දරුවන් ආරක්ෂා කරගන්න ඕනේ. අනාගත පරපුර රෝගීන් පිරිසක් බවට පත්වුණොත් එය රටක් වශයෙන් හා ජාතියක් වශයෙන් ලොකු හානියක්. ඒ නිසා අපේ දරුවන් පිළිබඳව මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතු වෙනවා. දරුවාට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකිරීමට නම් දෙමාපියන් විසින් ඔවුන්ට ලබාදෙන ආහාර පාන ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ.
තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්න මේ ලබාදෙන උපදෙස් පිළිපදින්න. කිවුල් නැති ජලයම බොන්න දෙන්න. අද පුංචි දැරියන් වතුර බොනවා ඉතාම අඩුයි. ඒකට හේතුව තමා ගෑනු දරුවන්ට යන්න තරම් සුදුසු වැසිකිළි පාසල්වල නැහැ. ළමයි බොන්න ඕන වතුර ප‍්‍රමාණය පෙවෙන්නේ නැතිනම් එය වකුගඩුවලට සෘජුව බලපානවා.
ගොඩාක් දෙමාපියන් පොඩි දරුවන්ට නිතරම කඩෙන් කෑම අරගෙන දෙනවා. මේ කෑමවල අජිනමොටෝ දාලා තියෙනවා. මාගරින් පාවිචිචි කරනවා. ඒවා ශරීරවලට අගුණයි. ඒවායේ ඇති රස කාරක දරුවන්ගේ වකුගඩුවලට බලපානවා. ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් නරක් වෙනවා. අපි ආහාරයට ගන්නා ද්‍රව්‍යවල ඇති රසකාරක වකුගඩුවල තැන්පත් වෙලා තිබිලා ඉතා ඉක්මණින් වකුගඩු නරක්වෙලා යනවා. දරුවන් ඉල්ලන පළියට අහිතකර ආහාර ලබාදීලා ඔවුන් රෝගී වූ පිරිසක් බවට පත්කර නොගන්න යැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
under the courtesy of divaina.com news web