ගල්කුළම පෝනිමාන්කුළම ප‍්‍රදේශයේ ගංජා අලෙවි කරන නිවසක් වැටලීමට ගිය අවස්ථාවේ දී එහි සිටි බව කියන කාන්තාවක වස පානය කිරීම නිසා පොලිස් නිලධාරීන් වැටලීම පසෙක දමා ඇය අනුරාධපුර
ශික්ෂණ රෝහලට රැගෙන යෑමට කටයුතු කළ බව තිරප්පනේ පොලිසිය කියයි.
මෙම කාන්තාව තම නිවසේ ගංජා විකිණීමේ ජාවාරමක නිරත වන බවට තිරප්පනේ පොලිසියට තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් හා නිලධාරීනියන්ගෙන් යුත් කණ්ඩායමක් ගොස් ඉකුත් 05 වැනිදා පෙරවරුවේ ඇයගේ නිවස පරීක්ෂා කර තිබේ. එහිදී ගංජා ඇසුරුම් කිරීමට භාවිතා කරන කඩදාසි කීපයක් සහ නිවස ඉදිරිපිට මල් බඳුනක් යට සඟවා තිබූ ග‍්‍රෑම් දෙකක ගංජා පැකට්ටුවක් ද හමු වී තිබේ.
එම වැටලීම සිදුකරන අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ට බැන වදිමින් කෑකෝ ගසමින් සිටි කාන්තාව එක වරම වස ශරීරගත කර ගෙන ඇත. පසුව තිරප්පනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.අයි. බණ්ඩාර රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් නිලධාරීනියන් වහාම ක‍්‍රියාත්මක වී සුවසැරිය ගිලන් රථයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට එම කාන්තාව රැුගෙන යෑමට කටයුතු කර තිබිණ. ඊයේ (09) දිනය වන විටත් ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියාය.
තිරප්පනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. අයි. බණ්ඩාර රත්නායක මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.
තිරප්පනේ සමන් පෙරේරා

under the courtesy of divaina.com news web