ඉන්ධන තොගය නීතිවිරෝධී යයි දැන නොසිටි බව ශ්‍රී ලංකා කාර්‍යමණ්ඩලය පවසයි
අනවසර තෙල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටිය දී නයිජීරියාවේ අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික කාර්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් කටයුතු කඩිනම් කරන්නට දෙපාර්ශවයම පියවර ගනිමින් සිටිනවා.
MT Zeebrugge නම් යාත්‍රාවකින් බොර තෙල් මෙට්‍රික් ටොන් 838ක් ප්‍රවාහනය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයන් 7ක් ඇතුළු කාර්‍ය මණ්ඩලය පසුගිය දෙසැම්බර් 12 දා නයිජීරියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
එම ශ්‍රී ලාංකිකයන් පිරිස නයිජීරියාවේ ලේගෝස් හි නාවික හමුදා කඳවුරක රඳවා සිටිනවා.
තමන් ප්‍රවාහනය කරමින් සිටි ඉන්ධන තොගය නීතිවිරෝධී යයි දැන නොසිටි බව ශ්‍රී ලංකා කාර්‍යමණ්ඩලය එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වෙත දන්වා තිබෙනවා.
ඒ අදාළ ශ්‍රී ලාංකිකයන් පිරිස හමුවීමට පසුගිය පෙබරවාරි 20 දා මහ කොමසාරිස්වරයා නාවික මූලස්ථානය ගොස් තිබුණා.
ශ්‍රී ලාංකිකයන් පිරිස නිදහස් කිරීම සහ මෙරටට එවීමට ඉක්මන් පියවරක් ගැනීම සම්බධයෙන් එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්‍යාලය නයිජීරියානු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
under the courtesy of mawbima.lk news web