Sunday, February 23, 2020

අභ්‍යවකාශයට ගිහින් විස්කෝතු හදපු ගගනගාමීන් -

මුල්ම විස්කෝතු හතර පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 148 ක උෂ්ණත්වයකදීය
 
කිලෝමීටර් 402 ක් පමණ උඩු ගුවනේ, පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවැතුම්පොළේ සිටින ගගනගාමීන් පළමු වරට විස්කෝතු සැදූ බව ඔබ දන්නවද? මෙය සුවිශේෂී සිදුවීමක් විය. මෙය අත්හදා
බැලීමේ පරීක්ෂණයක් විය. මීට පෙර අභ්‍යවකාශ නැවැතුම්පොළේ මේ අයුරින් විස්කෝතු සෑදීමක් සිදු වී නැත. මෙම කටයුත්තට දායක වූයේ අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින ගගනගාමීන් කණ්ඩායමේ ලූකා පර්මිටානෝ සහ ක්‍රිස්ටිනා කොක් ය.

අභ්‍යවකාශ නැවැතුම්පොළේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ ලූකා පර්මිටානෝ ය. ක්‍රිස්ටිනා කොක් අපට අමුත්තියක් නොවෙයි. අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් රැඳී සිටින කාන්තාව එසේත් නැතිනම් ගගනගාමිය වන්නේ ද ක්‍රිස්ටිනාය. එපමණක් නොවෙයි, කාන්තාවන් දෙදෙනකු පමණක් සහභාගී වූ පළමු ගගන සක්මනට එක් වුණු ගගනගාමිනියන් දෙදෙනාගෙන් කෙනකු වන්නේ ද ක්‍රිස්ටිනා ය. එම ගගන සක්මනට එක්වුණු අනෙක් ගගනගාමිනිය ජෙසිකා මියර් ය.

ලූකා සහ ක්‍රිස්ටිනා විස්කෝතු සකස් කළේ, අභ්‍යවකාශ නැවැතුම්පොළට ලැබුණු අලුත් ආකාරයේ විශේෂිත උදුන භාවිතයට ගනිමිනි. තවමත් පර්යේෂණ මට්ටමේ ඇති මේ කුඩා උදුන, අභ්‍යවකාශ නැවැතුම්පොළට යැවීම සිදුවූයේ එලොන් මුස්ක්ගේ ‘ස්පේස් එක්ස්’ අභ්‍යවකාශ යානයෙනි. (එලොන් මුස්ක් යනු ඇමෙරිකන් කෝටිපති ව්‍යාපාරිකයෙකි. නව නිපැයුම්කරුවෙකි. මොහුගේ ‘ස්පේස් එක්ස්’ සමාගම අභ්‍යවකාශ ගමන් බිමන් සඳහා අභ්‍යවකාශ යානා සහ රොකට්ටු නිර්මාණය කරයි. ඒ නාසා ආයතනය සමඟ එක්වෙමිනි.)

අභ්‍යවකාශ නැවැතුම්පොළ වෙනුවෙන්ම විශේෂිත මෙම උදුන භාවිතයෙන් විස්කෝතු නිපදවා ගැනීම අභියෝගයක් විය. වරකට එක් විස්කෝතුව බැගින් උදුනට දමා පුලුස්සා ගැනීම සිදුවිය. ඒ, අභ්‍යවකාශ නැවැතුම්පොළේ උෂ්ණත්වයට ගැළපෙන අයුරිනි. මුල්ම විස්කෝතු හතර පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 148 ක උෂ්ණත්වයකදීය. පස්වැනි විස්කෝතුව පුළුස්සා ගැනීම සිදුවී ඇත්තේ සෙල්සියස් අංශක 163 ක උෂ්ණත්වයක් යටතේය.

පළමු විස්කෝතුව මිනිත්තු 25 ක් උදුනේ තැබුණත් එය නිසි ලෙස පිලිස්සී නොතිබුණු බව පැවැසෙයි. ඉන්පසු මිනිත්තු 27 ක්, 120 ක් සහ මිනිත්තු 130 ක් විස්කෝතු පිලිස්සීමට පියවර ගැනුණි. විස්කෝතු නියම ‘පදමට’ සකස් වූයේ මිනිත්තු 120 ට වඩා උදුනේ තැබූ විට බව තහවුරු විය. අවාසනාවකට නිර්මාණය කළ විස්කෝතු රස බැලීමට ගගනගාමීන්ට අවස්ථාවක් නොලැබුණි.

හොඳින් පිළිස්සුණු අවසන් විස්කෝතු තුන, සීල් තබා, හොඳින් අසුරා පෘථිවියට එවීමට කටයුතු කෙරුණි. විස්කෝතු සැකැසීම සිදුවූයේ අත්හදා බැලීමේ පර්යේෂණයක් යටතේය. විස්කෝතුවල රස තීරණය කරන්නේත්, උදුනේ සාර්ථකත්වය තීරණය කරන්නේ පහළ පෘථිවියේ සිටින විශේෂඥයන් සහ ඉන්ජිනේරුවන්ය. විස්කෝතු පහළට එවීම සිදුවූයේ ද ‘ස්පේස් ඩ්‍රැගන්’ අභ්‍යවකාශ යානය යොදා ගනිමිනි.

ලුසිත ජයමාන්න

under the courtesy of lankadeepa.lk news web

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka