Monday, February 10, 2020

අට වසරේ සිසුවියක සමඟ ලිංගිකව හැසිරෙද්දී පැමිණි නියෝජ්‍ය විදුහල්පතිනියට සිසුවා සිහි නැති වෙන්නම පහර දෙයි

නුරාධපුර නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක ඉදිකෙරෙමින් පවතින දැනට පාළුවට ගොස් ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිට තිබෙන
පුවතක් වාර්තා වෙනවා.

එසේ හැසිරෙන අයුරු එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය දුටු හෙයින් ඇයගෙන් බේරීමට සිතා සිසුවා එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් සිහිසුන්ව බිම ඇදවැටී හිසට බරපතළ තුවාල සිදුවූ නියෝජ්‍ය විදුහල්පතිනිය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා.

අදාළ සිදුවීම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් වසන් කර ඇති බවත් බරපතළ තුවාල ලබා සිටින නි.විදුහල්පතිනියගෙන් ඒ පිළිබඳව කිසිදු විමසීමක් පවා සිදුකර නොමැති බව විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කරයි.

තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිනියත් අනුරාධපුර රෝහලේ පිහිටි රෝහල් පොලිසියට වෙනත් ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් වාර්තා වෙනවා. අදාළ විද්‍යාලයේ වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී මෙම සිදුවීම සිදුවි තිබෙනා අතර නියෝජ්‍ය විදුහල්පතිනියගේ හිසෙහි බරපතළ පැළුම් තුවාලයක් ඇති බවද අනාවරණය වෙයි.

සිද්ධිය වූ දිනයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ සංචාරයක නිරතවෙමින් සිටියදී දැනට අඩක් නිමකර ඇති තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි අන්දමින් පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු දැක තිබෙනවා.

ඇය එම ස්ථානයට යනවාත් සමඟම පාසල් සිසුවා විදුහල්පතිනිය එන බව දැක ඇයට බිම ඇදවැටෙන ආකාරයට වැරෙන් තල්ලු වන අන්දමේ පහරක් එල්ලකර ඇති අතර එම පහරෙන් බිම ඇදවැටී හිස පුපුරා යෑමෙන් සිහිසුන්ව වැටී තිබෙනවා.

ඇගේ වාසනාවට මෙන් ශිෂ්‍ය නායිකාවක් සුළු වේලාවකදී එහි පැමිණ තිබෙන අතර සිහිසුන්ව ලේ ගලමින් සිටින නියෝජ්‍ය විදුහල්පතිවරිය දුටු සිසුවිය වහාම ඒ සම්බන්ධයෙන් විදුහලේ සිටි ගුරුවරුන් හා සිසුන් පිරිසකට දන්වා ඇය රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සදහන්.

පසුව ඇය විසින් සිදුවූ සිද්ධිය විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන්ට දන්වා තිබෙන අතර පාළු තෙමහල් ගොඩනැඟිල්ලේ තුන්වැනි මහලේ අඹු සැමියන් ලෙස හැසිරුණු සිසුවිය හා සිසුවා පලායෑමට එල්ලකළ ප්‍රහාරයෙන් සිහිසුන්වී බිම ඇදවැටීම නිසා ඔවුන්ව හඳුනාගත නොහැකි වූ බව ඇය පවසා තිබෙනවා. අදාළ ස්ථානයේ තිබි සිසුවිය හැඳසිටි බවට සැකකරන යට ඇඳුමක් විද්‍යාලයේ ගුරුවරුන්ට හමුවී ඇති බවයි සදහන් වන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ වූ දැරිය හා සිසුවා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ හා දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නන් බවට විද්‍යාලයේ සෙසු දරුවන්ට හා ගුරුවර ගුරුවරියන්ට අනාවරණයවී තිබෙන බව මවුපියෝ අනාවරණය කර සිටිනවා. 

------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka