සුනාමි අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
රික්ටර් මාපකයේ ඒකක 5.4 ක්
අද උදෑසන 2.33 ට පමණ ලංකාව ආශ්‍රිත ගිණිකොන දිග මුහුදු කලාපයේ භූ කම්පනයක් ඇතිවී තිබෙනවා.
එය රික්ටර් මාපකයේ ඒකක 5.4ක් ලෙස සටහන් වූ බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මේ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මෙම භූ කම්පනය කොළඹ, ගාල්ල හා මාතර
යන ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට යම් දැනීමක් සිදු වුවද මෙම භූ කම්පනයෙන් ලංකාවට කිසිඳු බාධාවක් නොමැති බවයි.
මේ අතර මෙම භූ කම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බවද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරනවා.
under the courtesy of mawbima.lk news web