Monday, February 24, 2020

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින්ලු

අපි හැමෝම එතුමාට ඉක්මන් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු.
අඩු වශයෙන් මෙයවත් ඔහුගේ හිතට සතුටක් ගෙන දේවි."

ප්‍රවීන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර මහතා පසුගිය ජනවාරි 13දා සිට මහරගම අපේක්ෂා රෝහලේ
ප්‍රතිකාර ලබනවා.

එහි සිටින සෝමසිරි මැදගෙදර මහතා මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින් සිටින බව ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරනවා.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඒ මහතා මෙලෙස සඳහන් කළා.

"මහරගම අපේක්ෂා රෝහලේ පසුගිය ජනවාරි 13දා සිට නේවාසිකව ප්‍රතිකාර ලබන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර සොයුරා මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින් අද මට කතා කරා...ඒ ඔහුගේ දක සැප බලන්නටවත් කලා කේෂ්ත්‍රයේ බොහෝ අයට අමතක වී ගොස් ඇති නිසා.
මිල මුදලින් ආධාර නොකලත් ගිලන් වී රෝහල් ගතවූවිට දක සැප බැලීමට යාමත් රෝගියාගේ හිතට කොච්චර ශක්තියක්ද කියලා හිතෙන්නේ ලෙඩක් දුකක් හැදුනට පස්සෙ. ඒ සතුට ඔහුට හිමිවෙලා නෑ.
සෝමසිරි කියන්නේ පුහු මාන්නයෙන් හිස උදුම්මා නොගත් ඉතා නිහතමානි අවංක කලාකරුවෙක්. පොලොවෙ පය ගහලා ජීවත්වුනු මනුස්සයෙක්.
අපි හැමෝම එතුමාට ඉක්මන් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු.
අඩු වශයෙන් මෙයවත් ඔහුගේ හිතට සතුටක් ගෙන දේවි."



------------


Contact Us
Email - gossipclanka@hotmail.com
Editor - gossipclanka@hotmail.com
Help desk - gossipclanka@hotmail.com

About Us
GossipClanka.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.


© 2020 GossipClanka